Sunday, July 28, 2013

දයා සරි වීම හරහා හෙළිවන රනිල් - මහින්ද දේශපාලනය


ජනපති මහින්ද රාජපක්ෂ
දයා සොරි වූ වගක් පසුගිය සතියේ අසන්නට ලැබුණි. එහෙත් මට නම් හිතෙන්නේ දයා සොරි වූ බවක් නොව දයා සරි වූ බවකි. කුමන පක්ෂයක හිටියත් දයාට යා හැක්කේ උපරිම ඇමති කමකට පමණි. අපට 
වඩා හොඳට දයා එය දනී. ඉතින් තව කාලයක් එජාපයේ ම සිට ඇමතිකමක් ලබනවාට වඩා දැන්මම ආණ්ඩුවට පැන මහ ඇමැතිකමක් ගැනීම වඩා වාසි දායකය. මේ අනුව දයා ට සරි විය.

Saturday, July 20, 2013

පියසිරිගේ ඉස්කුරුප්පුව අඩව්වක් අල්ලලා - lesbian seduction

සෑඳෑ හිරු රැස් දහර වෙල හරහා හමා එන සිහිල් සුළං හා මුසුව ජනේලයෙන් කාමරය සිසාරා කාන්දු වෙයි. ගැට්ටාත් මමත් තාමත් උදේ ගලවාගත් මෝටරය සමග ඔට්ටුවෙමින් සිටියෙමු. චීත්ත පොට එක් අතකින් මදක් ඔසවාගන එගොඩ ගොඩේ දෙවැටෙන් නියරට බහින කර්ලිනාගේ දසුන අප දෙදෙනාටම ගෙනාවේ විකට දසුනක් මෙනි.

Saturday, July 13, 2013

ලොරියාගේ පොලිස් පාර්ට් සහ රෙද්ද අස්සේ පොටෝ කැචර්

'සෙංකෝලයෝ ....සෙංකෝලයෝ'...

දෙවට ඉස්මත්තේ ඉඳන් ගමටම ඇහෙන්න කබියා බෙරිහන් දෙනවා.....


තාත්තා ඇහැරුණොත් වසල හමාරයි.. හොඳ දේශනයක් අහගන්න ඇහැකි හවස් වරුවම. හීං සීරුවේ බාගෙට ඇරුණු පිළිකන්නේ දොරෙන් එළියට පැනගත්ත මං උක්කුං මාමලගේ අන්නහි වත්තේ වැටේ කම්බි පොට පාත් කරලා දෙවැටට සේන්දු වුණේ 'යකෝ ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්න එපා බං. ගෙදරින් පැනගන්න තියන චාන්ස් එකත් නැතුව යනවා' කියමින්.

Monday, July 8, 2013

රෙද්දේ ගූ මහත්තයාගේ කතාවස්තුව හෙවත් ඉන්ද්‍රපාල

රෙද්ද බැනියම ඇඳගන නිතරම උජාරුවෙන් එහෙ මෙහෙ යන ඔහුට ගම්මු කිව්වේ රෙද්දෙ ගූ මහත්තයා කියලයි. ඒ ඔහු නැති තැන. ඉන්න තැන දි නම් රොද්‍රිගු ඉස්කෝල මහත්තයා කියලයි කවුරුත් ආමන්ත්‍රණය කළේ .
රොද්‍රිගු මහත්තයට කැපී පේන්න තියෙන්නේ පුදුමාකාර ආසාවක්. ගමේ සමිතියක් රැස්විමක් තියෙන්නේ කොහෙද එයා එතැන. ගමේ ගැටව් මොනව හෝ දෙයක් කරන්න සමිතියක් අටෝගන ඒ ගැන බොහොම සීරුවෙන් වැඩකරන තැනකට වුණත් අනාරාධිතව එන රෙද්දෙ ගූ මහත්තයා එතැනට ඇවිත් මහාපරිමාන ටෝක් දීලා අර සිල්ලර වැඩේ අල කරලා දාල යනවා. රෙද්දෙ ගූ මහත්තයගේ වැඩ කටින් විතරයි. කොල්ලෝ කෙල්ලෝ ඉතාම සිල්ලරට කරන්න හදන වැඩේට මහා පරිමාණ ටෝක් දීලා ඒ සිල්ලර වැඩේ මහා වැඩක් බවට හරෝනවා. ඉස්කෝල මහත්තයෙක් හින්දා කවුරුවත් එයාට මූණට එරෙහි වන්නේ නෑ.

Sunday, July 7, 2013

සෙන්කෝලය ආවා

සෙන්කෝලය කිව්වගමන් දැන් කට්ටියට දියවන්නාව මතක් වෙලා ඇතිනේ. අන්න ඒ උතුමන්ලා එක් රැස්වෙලා අපි වෙනුවෙන් තීන්දු තිරණ ගන්න තැන තියන පොල්ල තමා මේ.
මේක හරිම උත්තරීතරයි ලූ. අනේ ඒත් මට නං දොයිත්තකට වටින්නේ නෑ. ඒ කියන්නේ ඒකෙන් මට වැඩක් නැති හන්දා.
ඒ වුණාට මේ උත්තරීතර පොල්ල තියන තැනට යන උතුමන්ට සමාජයම වෛර කොරනවා. මං නං හිතන්නේ මේක මනෝ ව්‍යාධියක් කියලයි.