
මේක හරිම උත්තරීතරයි ලූ. අනේ ඒත් මට නං දොයිත්තකට වටින්නේ නෑ. ඒ කියන්නේ ඒකෙන් මට වැඩක් නැති හන්දා.
ඒ වුණාට මේ උත්තරීතර පොල්ල තියන තැනට යන උතුමන්ට සමාජයම වෛර කොරනවා. මං නං හිතන්නේ මේක මනෝ ව්‍යාධියක් කියලයි.
උන්නාන්සෙලා කොරන කෙරුම් කියුම් කොරගන්න බැරිව ඊරිසියාවට තමා මේ කතා කියන්නේ. ඔය උන්නාංසෙලට බයින බයියෙකුටත් ඔය දියවන්නාවේ ආසනයක් ලැබෙනවනං නොගෙනම ඉදියි. මං මේ කියන්නේ දේසපාලන පක්සයක පැත්තක් අරං එහෙම නෙමෙයි. මොන පැත්තකිං හරි ඔතෙන්ට යන්න නං හැබෑ හැකියාවක් තියෙන්න ඕන. ඉතිං ඒ හැකියාවල් මොනවද කියල හොයල බලන එක ඔහේලට බාරයි.
ඉතිං මගේ හිතට එන දේවල් ඔහේ මුදා හරින්න තමා මං සෙන්කෝලය අටෝ ගත්තේ. කිසිම සීමා මායිමක් නෑ හිතට එන හැම දේම කියල දානවා. පොඩි එවුවොත් කියවන හින්දා කුණු හරුප විතරක් කියන්නේ නෑ. ඔහේලටත් ඇහැකි ඕන අදහසක් කියල දාල යන්න.
සෙංකෝලය කියන්නේ
අත්මුගුර
ගදායුධය
ගදාව
බලතඩිය
වසාවාසි
වේත්‍රය
සෝලුලීය යන අදහස දෙන වදනක්. ඉතිං මාත් ඔය වදන්වල විදියට හැසිරේවි. එක්කසු වන්න ආරාධනා කරනවා ඔහේලා හැමෝටම
එහෙනං මට අවසර...................
සුබ පතනවා ඉදිරි ගමනට...!
ReplyDeleteඑදිනෙදා ජීවිතයේ ඔබෙත් මගෙත් අද්දැකීම්
මගේ පළමු පාටකයා නිහඬ සහන් ඔබයි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.
Deleteඉස්සරහට ලියන දේවල් ඇවිත් බලන්නම්...මුගුරු පාරවල් ගැන එහෙම
ReplyDeleteඑන්න එන්න ගජින්
Deleteමෙය ගයිජින් කියා වෙනස් විය යුතුයි.(ජපන් භාෂාවෙන් ගයිජින් කියන්නෙ විදේශිකය/foreigner කියන අදහසයි)
Deleteමෙය ගයිජින් කියා වෙනස් විය යුතුයි.(ජපන් භාෂාවෙන් ගයිජින් කියන්නෙ විදේශිකය/foreigner කියන අදහසයි)
Deleteමදැයි මේක මං කයොල තියෙන්නේ ගජින් කියලනේ. තවත් ජපන් මහත්තයෙක්ම ආපු එක හොදා නොදන්න ජපන් කියල දෙන්න. එතකොට කෙන්ජි කියන්නේ මොනවටැයි.
Deleteකංජි කියන්නේ නං සව් කැද වලට..
Deleteමමත් සුභ පතනවා.මධ්‍යස්ථව ගමනක් යමු.හරි දේ පෙන්වා දෙමු.අමතක කරන්න එපා අනාගතයේ ප්‍රධාන ම මාධ්‍යක් බවට මේ බ්ලොග් පත් වෙනවා
ReplyDeleteඒකනේ මෙහෙම එකක් අටව ගත්තේ. සාදරෙන් පිලිගන්නවා
Deleteපොඩි දෙයක් පෙන්වල දුන්නට අමනාපයක් නෑ නේද? “සෙන්කෝලය“ නොවේ “සෙංකෝලය“ නේද නිවැරදි අක්ෂර වින්‍යාසය?
ReplyDeleteඅවාසනාවට අපි භාවිතා කරන විදිය වැරදි මිසක් සෙංකෝලය, දියවන්නාව, ......... වල ඇති වැරද්දක් නෑ.
සුභපැතුම් මිත්‍රයා !
අම්මපල්ල මට බැරිම දේ ඕකනේ. අමනාපයක් නැ පෙන්නලා දුන්නට
Deleteකෝ? මොකුත් නෑ නේ!
ReplyDeleteඅද ජූලි හත. මේ තමයි ආරම්භය. ඉතිරිය ඉදිරියට. අසා ඇති පරිදි ඔබ තමයි සිංහල බ්ලොග් ලොවේ රජු. පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්.
Deleteමගේත් සුබ පැතුම් යාලුවා..
ReplyDeleteස්තුතියි සාදරෙන් පිලිගන්නවා
Deleteසුබ පැතුම් බ්ලොග් ලොවට අලුතින් එකතුවෙන ඔබ ආදරයෙන් පිළිගන්නවා
ReplyDeleteතවත් විගඩමකටද එන්න එන්නේ.
ReplyDeleteරටේ ලෝකේ වෙන හැම විගඩමක්ම විනිවිද දකින්නයි එන්නේ. ඔය නිර්නාමික උන්නැහේලගේ හෙල්ප් එක මට සැහෙන්න ඕන වෙයි.
Deleteසුභ පතනවා සමාජය වෙනුවෙන් යමක් ලිවිමට පන්හිඳ ශක්තිමත් වේවායි කියලා!දේශපාගනය නම් තිත්තයි.
ReplyDeleteපැතුමට බොහොම ස්තුතියි මන්ජු
Deleteසුබ පැතුම් අළුත් දෙයක් ගන්න අපි ආයෙත් මේ පැත්තට එන්නම් !
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මහේෂ්. එන්නං ඒ පැත්තටත්
Deleteඔන්න මමත් එනවා..සුබපැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි පැමිණීමට.
Deleteමෑතකදි කීප දෙනෙක්ම එනවා කිව්වා. ඒ උනාට ආවේ නෑ. මාසෙකට එකක්වත් ලියන්න බැරි නම් බ්ලොග් ලියලා වැඩක් නෑ.
ReplyDeleteසුභ පැතුම්....!!!
උත්සාහ ගන්නවා දිගටම ලියන්න.
Deleteදිගු ගමනකට සුභ පැතුම්.!
ReplyDeleteකොමන්ට් කරන අයට හැරෙන තැපෑලෙන් මේ වගේ උත්තර දෙන එකත් ඔබගෙ දිගු ගමනට ලොකු දිරියක් වේවි මිත්‍රයා.
සුභ පැතුම්. දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ පැතුමට.
Deleteමං පරක්කුයිද මන්දා... ( කන්න දේවල් ඔක්කොම ඉවර කරලද කට්ටිය.. නැත්තං අපරාදේ හති හලාගෙන ආවටත්.... හි හි)
ReplyDeleteමොන පරක්කුවක්ද මේ තියෙන්නේ කන්න දේවල් ඕන තරම්. දිගටම එන්න. සාදරයේන පිළිගන්නවා.
Deleteසෙං කියනෙ සෙමට කෝලය කියන්නෙත් . ප්රතිෂ්යාවට.. . ඒකට දෙන ආයුර්වේද බේත කෝල සෙලෙස්මා (අපේ වෙදැදුරා දැක්කොත් මං කපෝති..) ලියමු ලියමු.
ReplyDeleteරිද්දවිය යුතු තැනට රිදෙන්නම පහරදෙන්නට ඔබේ සෙංකෝලයට ශක්තිය ලැබේවා!
ReplyDeleteයගදාව ගෙන තඩි බානු හැකි වෙර යොදා හැකි සැනින්..
ReplyDeleteසෙංකෝලය, ඔබ කොහිද?
ReplyDelete