![]() |
ජනපති මහින්ද රාජපක්ෂ |
වඩා හොඳට දයා එය දනී. ඉතින් තව කාලයක් එජාපයේ ම සිට ඇමතිකමක් ලබනවාට වඩා දැන්මම ආණ්ඩුවට පැන මහ ඇමැතිකමක් ගැනීම වඩා වාසි දායකය. මේ අනුව දයා ට සරි විය.
දයා මැති සබයෙන් ඉල්ලා අස් වූ දිනයේ මගේ හිත ඇදී ගියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙතට ය. නියම නායකයෙකු ගේ ලක්ෂණ මැනවින් එදින ඔහු පෙන්නුම් කළේ ය. දයා ගේ කතාවෙන්
රනිල්ව නැති බංගස්තාන කරද්දී කටක් ඇරියේ රනිල් නොවේ. තම අසුනට වී සිටිමින් පොතක් පෙරළ පෙරළා බලමින් හේ කල් ගෙවී ය.
![]() |
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ |
එහි දී වික්‍රමසිංහ මහතා කීවේ දැනට මේ කතාව අහන්න එයා ගේ කතාවට මං නියම වෙලාවට උත්තර දෙන්නම් යන්න පමණ ය.
දුර දකින නායකයෝ
![]() |
හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර |
බවද හෙතෙම දනී. තුන්වන වරට ද මහින්ද මේ රටේ ජනාධිපති වන බවත් හොදින්ම දන්නා පුද්ගයලා රනිල් වික්‍රමසිංහ ය. හේ කල් යල් බලන්නේ අන්න ඒ දිනය උදාවන තෙක් ය.
මහින්ද ගේ තුන්වන ධුර කාලය අවසන්වන්නට කිට්ටුවන විට මහජන අප්‍රසාදය උග්‍ර වනු ඇත. ඉන්නා වයසක යූඇන්පි කාරයන් සියල්ල ආණ්ඩුව සමග එක්වනු ඇත. පාරම්පරික ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්
පක්ෂය තුළ දෙදරීමක් ඇති කොට මහින්ද හැර යනු ඇත. අන්න එදිනට රනිල් නැගිටිනු ඇත.
ජවිපේ කරන්නන් වාලේ කරන බොරුවැඩ කරමින් පීචං වෙන්නට රනිල් කැමති නැත. නිසි කලට නිසි වෙලාවට රනිල් නැගිටිනු ඇත. මේ සූක්ෂම නායකයෙකු සතු සැලසුම් ය. මහින්ද ගෙ තුන්වන ධුර කාලයේ අවසානයත් සමගම මහා ජන රැල්ලක් සමග රනිල්ට රට භාරවනු ඇත.
ඒ වන විට රනිල්ට ලැබෙන්නේ කරදර නැති රටකි. පාරවල් පද්ධතියම සුපිරිය. යෝධ සංවර්ධන ව්‍යාපෘති ගණනක් අවසන් ය. ආර්ථික අතින් තරමක් අසීරු රටක් ඔහුට ලැබේ. ඉන් ගොඩ යන්නට රනිල්ගේ විදේශ ප්‍රතිපත්තිය සෑහේ.
මහින්ද දැන් ගෙනයන සංවර්ධන ව්‍යාපෘතිවලින් වැඩක් ගන්නේ රනිල් ය. හම්බන්තොට අවට හොද සංචාරක කලාප ඇතිවනු ඇත. නිරුවත් වෙරල තීර ඇතිවනු ඇත. කැසිනෝ හල් ව්‍යාප්ත වනු ඇත. ඩොලර් රට තුළට ගලා එනු ඇත. කොටින්ම මහින්ද තනන්න යන ආශ්චර්ය සම්පූර්ණ කරන්නේ රනිල් ය.
හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන් තොට වැසෙන්නේ නැත. ඒවා කාර්ය බහුල වනු ඇත. හේ අමෙරිකාව වැනි ධනවාදී රටවල මිතුරෙකි. පවතින අර්බුධ ඔහු ජයගනු ඇත. ඔහු ද වසර 18හෝ 24ක් පමණ කාලයක් රට කරවනු ඇත. ඒ අතර තුර තම පැලැන්තිය ට සරිලන දෙවන පෙළ එජාප නායකත්වයක් ද ගොඩනගනු ඇත. සජිත් ලා නිකම්ම සිල්ලර කාසි බවට පත්වනු ඇත.
බොහෝ දෙනා සිතා සිටින්නේ මහින්ද තම අනුප්‍රාප්තිකයා ලෙස නාමල් පුතාව ගෙනෙන බවයි. නැත. තම තුන්වන ධුර කාලයෙන් පසු රට අනිවාර්යෙන්ම රනිල්ට යන බව අන් කවරෙකුටත් වඩා හොඳින්
දන්නේ මහින්ද යි. මහින්ද නාමල් තනන්නේ ඔහුගෙන් පසු එළැඹෙන රනිල්ගේ 18 වසරක හෝ 24ක පාලනයෙන් පසු රට භාරගන්නට යි. එවිට හෙතෙම විපක්ෂයේ කැපිලි කෙටිලි හැම දේටම මැදිව තෙම්පරාදු වුණු නිසි වයස සපිරි පරිනතයෙකුව සිටියි.
කිසිදු පාට කන්නාඩියක් නොදමා මේ විග්‍රහය මා කරන්නේ මැදිහත් දැක්මකිනි. මදක් හිතන්න මේ සත්‍යයක් නොවේද කියා. පක්ෂ අදහස් කරපින්නාගන බලන තාක් මෙසේ නොපෙනේවි.
අනිත් සත්‍ය නම් තාමත් අපේ රටට නායකයන් නම් ඇත්තේ දෙදෙනා යි. ඒ රනිල් හා මහින්ද පමණි.
කවුරු වුනත් ඔබ ඉතා තීක්ෂණව සිතන්නෙක්.ඔබ කියන කතා 100 % ක්ම හරි .ඇත්තටම වෙන්නෙ ඔය දේ තමයි.දේශපාලනයේදී දයාසිරි මෝඩකමක් කළ බව එක් මෝඩයෙක් කොමෙන්ට් කර තිබුනා.ඇත්තෙන්ම මෝඩකම කරතිබුනේ එස් .බී පමණයි.දයාසිරිට කවදාවත් යූ ඇන් පී නායකත්වය ලැබෙන්නේ නෑ.ශ්‍රීලනිපය තරම්ම ගෙඩි පිටින් වැඩවසම් පක්ෂයක් නොවුනත් දයාසිරි වගේ ගැමියෙකුට එජාප නායකත්වය කොළඹ හතේ අය දෙන්නේ නෑ.ප්‍රේමදාස ආවෙ අහම්බෙන් සුවිශේෂ තත්වයන් යටතේ.රනිලුත් ජේ ආර් මෙන් නාකිවෙලා ජනපති වෙන්න ඉඩ තිබෙනවා.ඒ වගේම මේ කිසිවක් සිදු නොවන්නත් ඉඩ නැතිවාම නොවෙයි.
ReplyDeleteසෙන්කොලයා සෙන්කොලයා කිව්වට අද තමයි දැන ගත්තේ උබ ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලා (නැත්නම් ඒ පැත්තේ කියලා).........
ReplyDeleteඅනේ මන්දා එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි පනිනවා. කොහේට පැන්නත් චන්දෙත් දිනනවා.හැමදාම චන්දෙ දෙන අපි පැරදෙනවා
ReplyDeleteසියලුම ප්‍රශ්න අහවරය.මහින්ද ලොක්කා ජයගත්තේ දයාසිරි මිලදී ගැනීමෙන් පමනක් නොව,අනන්තවත්වු ජනතා ප්‍රශ්න මාසයකට පමන දයාසිරි නාඩගමින් යටපත් කරමිනි.අපි දැන් නාඩගම් බලමු.
ReplyDeleteඊළඟ ජනපතිවරණයත් ජයගන්නේ මහින්ද රාජපක්ෂයි. රනිල් කවදාවත් බයට පත්වන්නේ නැත. අළුත් නායකත්වයක් සඳහා රික්තයක් නිර්මාණය වී ඇත. එහෙත් පෙනෙන තෙක් මානයක එවන් පුද්ගලයකුද නැත. මහතීර් මොහොමඩ්, හොස්නි මුබාරක් මෙන් පාළණයක් දිගටම පවතිනු ඇත. රට සංවර්ධනය කරා ගෙන යන්නේද, එසේත් නොමැතිනම් අගාධයකයට ගෙන යන්නේද යන තීරණය ඇත්තේද පාළකයන් අතම පමණි. මේ ක්‍රමය මොවුන්ටම එපා වන තෙක් මේ ක්‍රමය පවතිනු ඇත.
ReplyDeleteඔව් ඔක වෙන්නත් පුලුවන් එ වගෙම වෙනත් අවස්තා 100 විතර තියෙනව වෙන්න පුලුවන්.විජෙතුන්ග ජනාදිපති වෙනව කියල කවුරුවත් කලින් හිතුවෙ නෑ නෙ.චන්ද්‍රිකා උනත් එහෙමනෙ
ReplyDeleteසෙන්කෝලය
ReplyDeleteමම 2010 මහමැතිවරනයේදී ඡන්දෙ දැම්මේ ඉස්ලාමීය ක්‍රමයට
ඉස්ලාමයේ කියල තියෙනවා හැම විටම ආගමට මුල්තැන දෙන්න කියලා
ඒ නිසා මම එක මනාපයක් අතුරලියේ රතන හාමුදුරුවන්ට දුන්නා
ඉස්ලාමයේ තියෙනවා අලුතින් ඉස්ලාමය වැලඳගන්න අයට මුදල් (සකාත්) දෙන්න කියලා
ඉතින් මම බැලුවා සිංහල ජාතියට එක් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ කියන්නේ එහෙම කෙනෙක්, එයාලට දෙන්න තරම් සල්ලි මට නෑ
ඒ නිසා ජෙයරාජ් තුමාට ඡන්දෙ දෙන්න මම තීරනය කලා එතුමා ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වුනු නිසා
සුදර්ෂණී ප්‍රනාන්දු පුල්ලෙට එක මනාපයක් දුන්නා (හැබැයි එයා දොස්තර කෙනෙක් නොවුනනම්
මට ඊට වඩා කැමැත්තෙන් මනාපය දෙන්න තිබුනා මොකද මම දන්න දෙයක් තමයි දොස්තරල සොමාන්‍යෙයන් ගබ්සාවට කඩේ යනවා කියන එක මොකද මෙඩිකල් කොලේජ් එකේ ගුරුවරු වෛද්‍ය ශිෂයන්ගේ මොලේ සුද්ධ කරනවා මම හිතනව ජෙයරාජ්ගේ වයිෆ්
මොලේ සුද්ධ කරගෙන නැතුව ඇති කියලා
මුල් කාලයේ මුස්ලිම්වරු උත්සාහ කලා පාප් වහන්සේ වගේ තනතුරක් හදාගෙන ඉස්ලාම් අධිරාජ්‍ය පාලනය කරගන්න
(ඒක පසුව අසාර්ථක වුනා) පාප් ධූරයව සමාන මුස්ලිම් තනතුරට කිව්වේ කාලිෆ් කියලා දෙවන කාලිෆ් හැටියට පත්වුනේ උමර් කියලා කෙනෙක් එයාට ඉස්ලාමයේ කඩුව කියලා කියනවා
උමර් හරියට අපේ මර්වින් සිල්වා වගේ ඇත්තටම දක්ෂ නායකයෙක් යටතේ පාලනය කරගන්න පුලුවන් වුනානම් මර්වින්
බුද්ධාගමේ කඩුව කරගන්න තිබුනා කොහොමහරි මම උමර්ට මනාපෙ දෙනවා කියලා හිතාගෙන මර්වින් සිල්වාට මනාපය දුන්නා
මේ දේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුලු වන් කියන මතයේ තමයි මමත් ඉන්නේ ,හැබැයි මහින්ද රාජපක්ෂගෙන් පස්සේ තවත් රාජපක්ෂ කෙනෙක් රටේ පාලනයට එයි කියලත් හිතෙනවා ..සමහර විට ඒ නාමල් ම නෙවෙයි
ReplyDeleteඔන්න අද තමයි සෙංකෝලයට ගොඩවැදුණේ....
ReplyDeleteකෝ කොහෙද ගියේ?
ReplyDeleteලියන්නෙ නැද්ද?
ReplyDelete