Showing posts with label සිංහල ප්‍රහසන කතා. Show all posts
Showing posts with label සිංහල ප්‍රහසන කතා. Show all posts
Saturday, July 20, 2013
Saturday, July 13, 2013
ලොරියාගේ පොලිස් පාර්ට් සහ රෙද්ද අස්සේ පොටෝ කැචර්
'සෙංකෝලයෝ ....සෙංකෝලයෝ'...
දෙවට ඉස්මත්තේ ඉඳන් ගමටම ඇහෙන්න කබියා බෙරිහන් දෙනවා.....
තාත්තා ඇහැරුණොත් වසල හමාරයි.. හොඳ දේශනයක් අහගන්න ඇහැකි හවස් වරුවම. හීං සීරුවේ බාගෙට ඇරුණු පිළිකන්නේ දොරෙන් එළියට පැනගත්ත මං උක්කුං මාමලගේ අන්නහි වත්තේ වැටේ කම්බි පොට පාත් කරලා දෙවැටට සේන්දු වුණේ 'යකෝ ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්න එපා බං. ගෙදරින් පැනගන්න තියන චාන්ස් එකත් නැතුව යනවා' කියමින්.

Monday, July 8, 2013
රෙද්දේ ගූ මහත්තයාගේ කතාවස්තුව හෙවත් ඉන්ද්‍රපාල
රෙද්ද බැනියම ඇඳගන නිතරම උජාරුවෙන් එහෙ මෙහෙ යන ඔහුට ගම්මු කිව්වේ රෙද්දෙ ගූ මහත්තයා කියලයි. ඒ ඔහු නැති තැන. ඉන්න තැන දි නම් රොද්‍රිගු ඉස්කෝල මහත්තයා කියලයි කවුරුත් ආමන්ත්‍රණය කළේ .රොද්‍රිගු මහත්තයට කැපී පේන්න තියෙන්නේ පුදුමාකාර ආසාවක්. ගමේ සමිතියක් රැස්විමක් තියෙන්නේ කොහෙද එයා එතැන. ගමේ ගැටව් මොනව හෝ දෙයක් කරන්න සමිතියක් අටෝගන ඒ ගැන බොහොම සීරුවෙන් වැඩකරන තැනකට වුණත් අනාරාධිතව එන රෙද්දෙ ගූ මහත්තයා එතැනට ඇවිත් මහාපරිමාන ටෝක් දීලා අර සිල්ලර වැඩේ අල කරලා දාල යනවා. රෙද්දෙ ගූ මහත්තයගේ වැඩ කටින් විතරයි. කොල්ලෝ කෙල්ලෝ ඉතාම සිල්ලරට කරන්න හදන වැඩේට මහා පරිමාණ ටෝක් දීලා ඒ සිල්ලර වැඩේ මහා වැඩක් බවට හරෝනවා. ඉස්කෝල මහත්තයෙක් හින්දා කවුරුවත් එයාට මූණට එරෙහි වන්නේ නෑ.
Subscribe to:
Posts (Atom)