
රොද්‍රිගු මහත්තයට කැපී පේන්න තියෙන්නේ පුදුමාකාර ආසාවක්. ගමේ සමිතියක් රැස්විමක් තියෙන්නේ කොහෙද එයා එතැන. ගමේ ගැටව් මොනව හෝ දෙයක් කරන්න සමිතියක් අටෝගන ඒ ගැන බොහොම සීරුවෙන් වැඩකරන තැනකට වුණත් අනාරාධිතව එන රෙද්දෙ ගූ මහත්තයා එතැනට ඇවිත් මහාපරිමාන ටෝක් දීලා අර සිල්ලර වැඩේ අල කරලා දාල යනවා. රෙද්දෙ ගූ මහත්තයගේ වැඩ කටින් විතරයි. කොල්ලෝ කෙල්ලෝ ඉතාම සිල්ලරට කරන්න හදන වැඩේට මහා පරිමාණ ටෝක් දීලා ඒ සිල්ලර වැඩේ මහා වැඩක් බවට හරෝනවා. ඉස්කෝල මහත්තයෙක් හින්දා කවුරුවත් එයාට මූණට එරෙහි වන්නේ නෑ.
ඒත් මහත්තයා එන්නේ ඒ සාකච්ඡාවට විතරයි. අඩු ගානේ රුපියලකින් වත් ආධාරයක් වත් කොරන්නේ නම් නෑ. අන්තිමට වෙන්නේ සිල්ලරට කෙරෙන්න ගිය වැඩෙත් ඇනෙන එක විතරයි. මේ හින්දම දැන් කොල්ලෝ කෙල්ලෝ වැඩක් කරන්න යනකොට ඒ වැඩ කටයුතු සංවිධානය කොරන්නේ බොහොම රහසි ගත විදියට. විශේෂයෙන්ම රෙද්දේ ගූ ට ආරංචි නොවෙන්න. එහෙම වැඩක් කෙරෙන දාට එතැනට එන රෙද්දේ ගූගේ මූණ ඒ තරම් හොඳ නෑ. ඉතිං කෙරෙන්නේ දැන් කාලේ හැදෙන එකාලගේ වරුණේ කාල් ගාමින් නහින දෙහින කාලේ ඉන්න පරණ පරම්පරාවේ එක්කෙනෙක් දෙන්නෙක් අල්ලගෙන කොල්ලන්ගේ රෙදි ගලෝන එක තමා. කඩ පිලේ ඉඳගන කොල්ලන්ව පතුරු ගගහා ඉන්න වෙලාවට ඉඳ හිට නොසන්ඩාලයෙක් හැංගිලා ඉඳගන ගූ රෙද්ද පල්ලෙන් බේරෙනෝ කියල ඈත ඉදන් කෑ ගහන එකත් සුලබ දෙයක්.
මේ රෙද්ද පල්ලේ ගූ කතාව කියන්න ආවේ වෙනත් දේකට. ඉන්ද්රපාලයා අපේ ගමට ආවේ ඇඹිලිපිටිය පැත්තේ ඉඳන්. මේකා ඇඹිලිපිටියේ ඉඳන් අපේ ගමට එන්නේ මෙහේ ඉදන් ටවුමේ ඉස්කෝලෙට යන්න පහසු නිසයි. ඔය ආකාරෙන් ගමට ආපු මේකා දැන් ගමේ එකෙක් ගානමයි. උගේ පුංචම්මා තමා අපේ ගමේ ඉන්නේ. එහේ ඉදන් තමයි මූ දැන් ඉස්කෝලේ යන්නේ. මේකා ඉගනුමට එහෙම බොහොම සමත් එකෙක් විදියට තමා ගමේ වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ට හඳුන්නලා දුන්නේ. බලපං අර ඉන්ද්රපාලයා කොයි වෙලේ බැලුවත් පොත් ටික අස්සේ ඔළුව ගහගත්ත ගමං. උඹලට තමා පොතක් අල්ලන්න බැරි.
ගමේ හැමතැනින්ම ප්‍රසංසා ලැබෙද්දී මේකත් පොඩ්ඩක් වෙන්න ඇඳගන තමා උන්නේ. ඉතිං අපේ ගමේ ඉඳං ටවුමේ ඉස්කොලෙට මේකා ගියේ බොහොම කැමැත්තෙං. හැමදාම උදේට බස් එකෙන් ගිහින් හවහට ඒ බස් එකේම ආයි ගමට එනවා. අපේ ගමට ආවේ එකම එක බස් එකයි.
මෙහෙම කාලයක් බොහොම උද්යෝගයෙන් ඉස්කෝලේ ගිය එකා පහුගිය දොහේ ඉදන් ඉස්කෝලේ යන්න අදි මදිය. ගුරුවරු හොඳ මදිලු. උගන්නනව හරි මදිලු. ඉස්කෝලේ යන්න බෑම කියනවා. මූව වෙන ඉස්කෝලේකට දාන්නලු. අන්තිමට මුගේ අම්මලා එහෙමත් ඇවිත් ඉස්කොලෙටත් ගිහින් විස්තර හොයලා. ගුරුවරු එහෙම කියන්නෙත් ඉන්ද්‍රපාල දක්ෂ ළමෙක්නේ. අනං මනං වලටත් පැටලුන ළමෙක් නෙමේ කියලයි. එත් මේකා මේ ඉස්කෝලෙට යන්න බෑම කියන හංදා ඒ දෙමාපියෝ මේකව අස්කරං ආයි ඇඹිලිපිටි එක්කන් ගියා.
මේ තරං කාලයක් අපේ ගමට වෙලා හොඳට හිටි එකාට මේ වුණු දේ ගැන කවුරුත් හිටියේ විස්සෝපෙන්..ඒත් කිසි කෙනෙක් මේකාට අපේ ගම එපා වුණු හෝ ඉස්කෝලේ එපා වුණු හේතුව හොයාගන්න බැරිවයි හිටියේ.
රහස එළි වුණේ බස් එක අපේ ගමේ දී කැඩූණු දවසේ. ඔන්න එදා බස් එකේ ඩ්‍රැයිවර් විල්සොං අයියා බස් එක හදන්න බාස්ලා එනකං කඩ පිළට වෙලා සුවතං ගොයියත් එක්ක කයිවාරු ගහ ගහ ඉන්න අතරේ අහනවා කෝ දැන් මෙහේ ඉඳන් කළුතරට ඉස්කෝලේ ගිය ළමයා කියලා.
මිනිහා ආයි ඇඹිලිපිටි ගියානේ ඉස්කෝලේ යන්න෴අපි කවුරුත් නොදන්න හුට්ටප්පරයක් වෙලා තියනවා මිනිහට මේ ගම එපාවෙන්න. සුවතං ගොයියත් ඒ වචනේ කිව්වේ ඉන්දරයා ගැන හැබැ අනුකම්පාවකිං.
ඔන්න එතකොටයි පොට පෑදුණේ... මල කෙළියයි...... දවසක් කොල්ලට නාගොඩ හරියෙදි බස් එකේ දී කලිසමේ රෙවුන නේ.. එදා ඉඳං මේකට රෙද්දේ ගූ කියල බස් එකේ කොල්ලෝ විහිලු කරන්න ගත්ත. එහෙනං ඉන් පස්සෙයි මේකා ගම ඇරලා ගිහින් තියෙන්නේ කියලා විල්සොං අයිය කිවුවට පස්සේ තමා මේකා ගිය හේතුව එළි වුණේ.
අයියෝ ඔය කෙළිය වෙන්න තිබ්බේ අපේ රෙද්දේ ගූ මහත්තයට නේ. අනේ අහිංසකයා....සුවතං ගොයියා ආයිමත් විස්සෝපෙන් කම්මුලේ අත ගහ ගන්නවා...
රෙද්දේ ගූ ගිය ලැජ්ජාවට මේකා බස් එකේ යන්න බැරි හන්දා තමා ඉස්කෝලේ හොඳ නැ කිව්වෙ. ගුරුවරු උගන්නනවා හොඳ නැ වගේ බොරු කිව්වේ. බලනකොට රටේම ප්රශ්ත් මේ වගේ. පේන්නේ එකක්. ඒත් ඇත්ත හේතුව තව එකක්. ඒවා එළිවෙන්න තව කල් යනවා.
පොඩි ළමයි ඔහොම තමයි!
ReplyDeleteMENNA KAKATA HARIYANA TAWATH GOO, CHOO, JEE, PADA GANA LIYANA EKEK.KAKAMADA MEKA LIYANNETH.
Deleteදැන් රටේ කට්ට්යම පොඩි ළමයි වගේ තමා හැසිරෙන්නේ.
Deleteඒ උනාට දැන් නම් ගූ නානවා... ඒක මිනිස්සුත් දන්නවා.. ඒත් ගූ ගොඩේම ඉන්නවා.. මොකෝ හෝදන්න එකෙක්වත් නෑ. ඔක්කෝම ගූ ගොඩට පනින එකමයි කරන්නේ.. ඡේද දිග වැඩියි. කියවන් කොට වෙහෙසයි.. කතන්දර බ්ලොග් එක බලන්න....
ReplyDeleteචේද දිගයි කිවුවේ ලියලා තියන විදියද නැතිනම් පළළද? පළළ හදාගන්න තේරෙන්නේ නෑ ප්‍රියන්ත. රට ගැන නම් කතා කරලා වැඩක් නෑ. හරි හමන් එකෙක් වත් පේන තෙක් මානෙක නැ.
Deleteපව් අර කොල්ලා. වැඩේ වෙන්න ඕනෙ එකාට නෙවෙයි වෙලා තියෙන්නේ.
ReplyDeleteරටේ හැම තැනම වෙන්නේ ඕවගේ දේවල්නේ බ්ලොග් වෝකර්
Deleteමට ඩූඩ් කියන එක ලේසියි සෙංකෝලේ. ඒක තමයි මගේ ඔරිමජිනල් බ්ලොගර් නම්. මේ Google + මගුලට අප්ග්රඩෙ වෙලා තමයි මේ හෙන්රි බ්ලොග්වෝකර් නමට යන්න වුනේ. මේක මගේ වර්ඩ්ප්‍රෙස් අයිඩෙන්ටිටි එක. උඹ ඩූඩ් කියාපං. ඒක ලේසියි.
Deleteඅර අහිංසකය පවු බං. උඹල අර ගුරාට ඒ නම කියනකොටත් කොල්ලට දරා ගන්න බැරිව ඉන්න ඇත්තේ.
ReplyDeleteඅපි කියන්නේ ගුරාලට තමා ඒත් ඒවා වදින්නේ අහක යන ළමයිටනේ.
Deleteහෙහ් හෙහ් ..... අම්මාපල් රටේ ප්‍රශ්නත් දැන් මේ වගේ හැංගිලා තමයි තියෙන්නේ ..,ඒ වගේම එව්වයින් බැට කන්නෙත් අහක ඉන්න අහිංසකයින් ...
ReplyDeleteඅන්න රෙහානිට තේරුණා කාරණය සාදරෙන් පිළිගන්නවා සෙංකෝලයා ඔබවත්
ReplyDeleteදැනටනම් හොදට ලියනවා අපිත් දිගටම එන්න තමයි බලොපොරෝතුව
ReplyDeleteපරන ලියපුවා බලන්න පටුනක් හැදුවොත් මොකද
තාම ලියල තියෙන්නේ දෙකයිනේ සන්ජීව. ඒ දෙක නම් බලාගන්න හැකියි දකුණු පැත්තේ අයිනට මවුසය ගෙන ගියාම එන තිරුවේ බ්ලොග් ඇක්චිව් එකෙන්.
Deleteසාදරයෙන් පිලිගනිමු ! අනේ ඉතින් රෙද්දෙ ගූ කට්ටිය ගැන අපි දවස ගානෙ කියවනවානෙ. ඔය පොඩි එකෙක් කලාම මොකෝ.. අඩි තිස්පන්දාහක් අහසෙදිත් එකෙක් ගාගෙන තිබ්බෙ..
ReplyDeleteඒකනේ සරත් මාත් නොකියා කියලා තියෙන්නේ
Deleteඉතිං ඌට දාන්න තිබුනේ රෙද්දේ ගූ කියලා නෙවෙයිනේ , කලිසමේ ගූ කියලනේ. නම හරියට නොකියපු නිසයි ඌ ගමෙන් ගිහින් තියෙන්නේ.
ReplyDeleteනෑ බං ඌ ගමෙන් ගියේ බස් එකේ යන්න තියන ලැජ්ජාවට.
Deleteතව ටික කාලයක් යද්දී වැල නොකැඩි ඒවි කට්ටිය..හෙමීට හෙමීට ලියමු ඉතින් අපි...( මට නම් හිතෙන්නෙම පරණ බුවෙක් කියලා මේ )
ReplyDeleteමොන පරනද සහන් ලක්මාල් අයියා කියල දෙන විදියට මේ වෙනස් කම කලේත් දැන් තමා.
Delete//( මට නම් හිතෙන්නෙම පරණ බුවෙක් කියලා මේ )//
Delete:D
කතාව කියවල ඉවර වෙන කොට ආයෙත් ගමට ගියා වගේ දැනුනා ,
ReplyDeleteස්තුතියි
ඇත්තටම එහෙම දැනුනනම් එය මට හරිම සතුටට කරුණක්
Deleteඅම්මපා පට්ට කතා පොඩ්ඩ ඈ............නියමයි දිගටම ලියන්න ඕනා........
ReplyDelete