Showing posts with label ගමේ හෑලි. Show all posts
Showing posts with label ගමේ හෑලි. Show all posts

Saturday, July 20, 2013

පියසිරිගේ ඉස්කුරුප්පුව අඩව්වක් අල්ලලා - lesbian seduction

සෑඳෑ හිරු රැස් දහර වෙල හරහා හමා එන සිහිල් සුළං හා මුසුව ජනේලයෙන් කාමරය සිසාරා කාන්දු වෙයි. ගැට්ටාත් මමත් තාමත් උදේ ගලවාගත් මෝටරය සමග ඔට්ටුවෙමින් සිටියෙමු. චීත්ත පොට එක් අතකින් මදක් ඔසවාගන එගොඩ ගොඩේ දෙවැටෙන් නියරට බහින කර්ලිනාගේ දසුන අප දෙදෙනාටම ගෙනාවේ විකට දසුනක් මෙනි.

Saturday, July 13, 2013

ලොරියාගේ පොලිස් පාර්ට් සහ රෙද්ද අස්සේ පොටෝ කැචර්

'සෙංකෝලයෝ ....සෙංකෝලයෝ'...

දෙවට ඉස්මත්තේ ඉඳන් ගමටම ඇහෙන්න කබියා බෙරිහන් දෙනවා.....


තාත්තා ඇහැරුණොත් වසල හමාරයි.. හොඳ දේශනයක් අහගන්න ඇහැකි හවස් වරුවම. හීං සීරුවේ බාගෙට ඇරුණු පිළිකන්නේ දොරෙන් එළියට පැනගත්ත මං උක්කුං මාමලගේ අන්නහි වත්තේ වැටේ කම්බි පොට පාත් කරලා දෙවැටට සේන්දු වුණේ 'යකෝ ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්න එපා බං. ගෙදරින් පැනගන්න තියන චාන්ස් එකත් නැතුව යනවා' කියමින්.