'සෙංකෝලයෝ ....සෙංකෝලයෝ'...
දෙවට ඉස්මත්තේ ඉඳන් ගමටම ඇහෙන්න කබියා බෙරිහන් දෙනවා.....
තාත්තා ඇහැරුණොත් වසල හමාරයි.. හොඳ දේශනයක් අහගන්න ඇහැකි හවස් වරුවම. හීං සීරුවේ බාගෙට ඇරුණු පිළිකන්නේ දොරෙන් එළියට පැනගත්ත මං උක්කුං මාමලගේ අන්නහි වත්තේ වැටේ කම්බි පොට පාත් කරලා දෙවැටට සේන්දු වුණේ 'යකෝ ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්න එපා බං. ගෙදරින් පැනගන්න තියන චාන්ස් එකත් නැතුව යනවා' කියමින්.
'සෙංකෝලයා උඹ හෙට මොනවත් වැඩක් දාගනද' ?
'නෑ ඇයි'
'හෙට ලොරියා ගානේ පාටියක්.... අපි ට කැලිඩෝ යන්න එන්න කියලා ඌ කිව්වා.ලෑස්ති වෙලා හිටපන් උදේම යනවා'
'ලොරියා ගානේ පාටියක් ඒ මොකට ද' ?...
'ලොරි මූණා පොලිසියට තේරිලා..... ඉරිදා හවස ඌ යනවා කුණ්ඩසාලේ පුහුණුවට. ඒකයි පාටිය'
'නියමයිනේ. කවුද වෙන යන්නේ'
'උඹ, මම, රෙමා,පඬියා,පඩික්කලයා,අලයා මෙහෙන් යනවා.....ලොරියත් එක්ක වෙනම වාහනේ එනවා තකුඳයි, පිජ්ජමැස්සයි'
ඒකත් ජය සිරි මංගලං කිව්වලු. ගෙදරට දාහක් බොරු ගහල සෙනසුරාදා කැලිඩෝ යන්න දාගත්තේ ඔන්න ඔහොමයි.
කතිකා කරගත්තු විදියටම අපි සැට් එක කළුතරදි තමා එකට එකතු වුණේ. ලොරියගේ අයියා; තකුඳා යාළුවෙකුගෙන් ඉල්ලගන තිබුණු වෑන් කට්ටකින් තමා කළුතරට ආවේ. වෙනද වගේ නෙමේ ලොරියා හිටියේ බොහොම සතුටකින් කියන එක පෙනෙන්න තිබුණා. ගමෙන් අපි වෙන වෙනම ආවට කළුතරදී අපි සේරම අර වෑන් එකේ තමයි කැලිඩෝ ගියේ. අවශ්‍ය කළමනා සේරම ගත්තේ තකුඳා. වෙනදා රුපියල් 100 එළියට අදින්න අදි මදි කරන එකා අද ඕසෙට වියදම් කරනවා. මල්ලිට රස්සාවක් සෙට් වෙච්ච එක ගැන ඌ හිටියෙත් බොහොම සතුටින්.
'අඩෝ තකුවා මට වයිට් එකක් ගනිං බං මං අනිත්වා බොන්නේ නැ' පිජ්ජා නාහෙන් අඬනවා.
අපි කැලිඩෝ වෙරළට යන විටත් පෙම්වතුන් තමන්ට සෙටමෝල් වෙන්න තැන් හොයා ගෙන. සමහරු පැලපදියං වෙන්න තැන් හොයමින් ඇවිදිනවා. ආදරේ කොරනකොට ඔය ගල් දෙකක් අස්ස තරම් සැප වෙන තැනක් තියනවයෑ ඉතින්. ඒකනේ කුඩේකුත් අරං උදෙන්ම සෙට් වෙන්න එන්නේ. අපිවගේ නස්කූනියො කාණ්ඩත් දෙක තුනක් ම තැන් තැන්වල වෙනම ආතල්වල.
ඒ අතරේ කෛරාටික සාත්තර කාරයොයි, වෙළෙන්දොයි ඇහැ ගහගන ඉන්නේ ජෝඩු රිංගන තැන් මොනවද කියලා. දෙකක් අනුමත වෙන ගමන් මේව බලමින් අපි ගත්තේ වෙනම ආතල් එකක්.
ඔන්න ගල් අස්සට ගිය ජෝඩුවක් කෙල්ලට අයිස්ක්‍රීම් කන්න දෙන්න පටන් ගන්න හදනකොටම වගේ අර සාත්තර කාරයෝ රිංගනවා එතැන්ට. අනේ ඉතිං මේ කැනහිලාගෙන් අයිස් පලම් එක වහං කොර ගන්න නං ඉතිං විගහිං කියක් හරි දීලම එලෝ ගන්න ඕනනේ. එදා අපිට පෙනුණු හැටියට නං ජෝඩුවකට කිසිම සැපක් ගන්න මේ වෙළෙන්දොයි සාත්තර කාරයොයි ඉඩ දුන්නෙම නෑ.
වෙනදා මේව දැක්කම ළග පිකප් වෙන ලොරියා එදා මාර සීරියස්. හරියට මේකා දැන් රගපාන්නේ පොලිසියේ රස්සාව කරන එකෙක් වගේ.
'මේව මහ අපරාධ බං කොහොම හරි මේ කෙල්ලො කොල්ලෝ මේ ගල් අස්සට එන එක නවත්තන්න ඕන'
'අනේ පලයං බං ලොරියො බොරු සුචරිතයා නොවී. උඹ ඒ දවස්වල පියසේනයල ගේ ගෙදර වැලේ වනලා තිබුණු අනෝමගේ ජංගිය උස්සන්න ගිය එකානේ'
වෙනදනං මේ කතාව මතක් කොරනකොට මාරයා ආවේශ වෙන ලොරියාගේ එදා හැසිරීම හිතාගන්නත් අමාරුයි.
'අපි වැරදි කළා බං දැන් ඒව ගැන මං පසු තැවෙනවා'
'මෙන්න මෙන්න සර්ව සාධාරණ පොලිස් කාරයෙක්'
ඔන්න ඔය අතරේ වැල්ලේ එහා කෙළවරට වෙන්න අමුතු යමක් වෙන බව පෙන්නුවේ කබියා.කැමරාවක් අටෝගත්තු පොරක් කෙල්ලෙක්ගේ පිංතුර ගන්නවා. අනේ වයසක අම්මණ්ඩි කෙනෙක් ඇදුං මල්ලකුත් එල්ලං සාරි පොටින් ඔළුව වහගෙන පැත්තකට වෙලා ඉන්නවා. කැමරා කාරයා කෙල්ලව එහෙං ඉන්දනවා මෙහෙං ඉන්දනවා ගන්න පොටෝ එකක් නං නෑ. අර අම්මන්ඩිය පැත්තකට යවනවා. මේකා මූද අයිනේ පිංතුර ගන්න ආවට පිංතුර ගන්නම ගොඩ බිම පැත්ත. ගල් උඩ කෙල්ලව ඉන්දනවා අර කෙල්ලගේ අම්මව ටිකක් ඈතට කොරනවා. මේකා පොටෝ ගන්නවට වැඩිය කරන්නේ අර කෙල්ලව හදන එක. ඔන්න දැන් වැඩේ තේරුණා කට්ටියට.
'ලොරියො බලපංකෝ බං අරු පොටෝ ගන්නවට වැඩිය අර පොඩි කෙල්ලගේ රෙද්ද අස්සේ අත දාන එකනේ කොරන්නේ. අර ගොං අම්මණ්ඩිටත් ඒක තේරෙන්නේ නෑ. දාපං කෝ ගිහින් පොලිස් පාර්ට් එකක්. පුරුදු වෙන්නත් එක්කම' පඬියා ලොරියව ෆෝම් කරනවා.
ඔන්න දැන් අපේ සැට් එක ටික ටික අර අම්ම ළගට කිට්ටු වුණා.
'ආ ඇන්ටී පොටෝ ගන්න ඇවිත් වගේ'....
'මේ අපේ කෙල්ලව ටැලිවිසොං නාට්ටියක රගපාන්න ගන්න මහත්තයා කෙනෙක් ඇවිත්. නාට්ටියට ගන්න කලිං පොටෝ අල්ලලා බලන්න ඕනලු'
'ඉතිං ඇන්ටි මේ තරම් වෙරළ ඉඩ තියෙද්දි ඔය පොටෝ අල්ලන්න කෙල්ලව ගල් අස්සේ රිංගන්නේ මොකද? ඒ මහත්තයා'
'අනේ ළමයෝ කිව්වම මොකද මං ඕක ඇහුවම ඒ මහත්තයා කිව්වේ පොටෝ ගන්නකොට ඉස්සරහිං බලපුවාම කෙල්ලගේ මූණ වෙනස් වෙනවලු. ඒකයි ඔය කවුරුවත් කෙල්ලගේ ඉස්සරහින් පේන්නේ නැති තැන්වල තියලා පොටෝ අල්ලන්නේ'
ඔන්න ලොරියට මල පැන්නා...
'මාර අම්මල තමා.. ඔහේට පේන්නේ නෑ අරකා පොටෝ ගන්නවට වඩා කෙල්ලගේ ගවුම අස්සෙ අත දාගන. මාරාවේශ වූ ලොරියා අර ගෑනිගේ අතින් ඇදගෙන ගියා ගල අස්සේ කෙල්ල ඉන්දලා හිටපු තැනට. අඩෝ මහත්තයෝ උඹ පොටෝ ගන්නේ කෙල්ලන්ගේ කලව අස්සේ අත දාගන ද? බැහැපිය බල්ල එළියට....කෙල්ලේ තෝ පල මේ අම්මත් එක්ක ගෙදර...
තෝ දැන් පොලිසි ගෙනියන්න ද..... නැත්තං මේ කෙල්ලගේ නම්බුව තියල මෙතැනින් මාරුවෙනව ද' ?
අපි හිතුවෙවත් නැති විදියට ලොරියා රගපෑම වෙනස් කළා..
'යන්නං........යන්නං සර්' ....... කියමින් අරූ මාරු වුණේ ගලක් උඩ ඌ තියලා තිබ්බ පොටෝ අල්ලන්න ගෙනාව ත්රිපාදකයකුත් අමතක කරල දාලයි.
දැන් කෙල්ල රතු වෙලා.. අම්මා පිං දෙනවා ලොරියට. මං ඔහේලව පොලිසි නොගෙනිච්චේ මේ කෙල්ලගේ ආත්ම ගෞරවය ගැන හිතලා. හ්ම් දැන් යන්න පුළුවන් දෙන්නටම..
අනේ අර අම්මණ්ඩි දොහොත් මුදුන් දී ලොරියට ආචාර කොරලා තමයි යන්න ගියේ.
මේ ට්‍රයිපෝඩ් එක මගේ සිහිවටනයක් කියමින් ලොරියා ඒක අතට ගත්තා. මේ තමා මගේ පොලිස් රස්සාවේ අමතකම නොවන සිහිවටනය.
පොලිස් ට්‍රේනින් යන්න කලින් ඔන්න ඔහොමයි ලොරියා පොලිස් කාරයෙක් වුණේ.
ප.ලි..
අදටත් ලොරියා නැගෙනහිර පළාතේ ඉතා ගෞරවාන්විත පොලිස් සේවයක නිරතවෙයි...ඒ වගේම සහෝදරියන් දියණියන් සිටින අය මේ ගැන දෙවරක් හිතන්න

අප්පට හුඩු කොස්සන්ට බැනලත් ඉවරයි..
ReplyDeleteපිස්සුද කොස්සන්ට බැන්නේ නැ බං මාතලන්
Deleteඔහේගේ පෝස්ට් සින්ඩියේ අප්ඩේට් වෙන්නෙ නෑ.. කවුරු හරි දන්න කෙනෙක් ගෙන් අහන්න. සහන් හා හිරු මේ පිළිබඳ දැණුවත්..
ReplyDeleteඅනේ මාතලන්.. මං මොනාද ඕවා ගැන දන්නේ.... හි හි...
Deletehttp://senkolaya1.blogspot.com/feeds/posts/default?alt=rss
Deleteමාතලන් ඔය ලින්ක් එක සින්ඩියේ එල්ලලා බලන්න...සමහරවිට හරි යාවි...
සෙන්කෝලයට පුළුවන් නම් මට ස්කයිප් වලින් කෝල් එකක් ගන්න... ID එක තියෙන්නෙත් silentsahan කියලයි..
මාතලන් හිරු සහන් තුන් දෙනාටම ස්තුතියි. මට තාම ස්කයිප් නෑ දාගත්ත ගමන් කතා කරන්නං සහන්.
Deleteආ දැන් හරිනේ
Deleteමෙහෙම පොලිස්කාරයෝ ඉන්නවානං මේ රට ෂෝක්නේ... හැබැයි ඉතිං පොලෝසියට යන්නත් කලින් පොලිස් පාට් දාපු හැටියට දැන් පොලිස් පාට් ඉහවහ ගිහිල්ලද දන්නෙත් නෑ....
ReplyDeleteමට ඔක්කොටම වැඩිය හිතට ඇල්ලුවේ මේ දාලා තියෙන නම් සෙට් එක.. ඔය නං ටික එක එකාට වැටිච්ච හැටි ගැනත් පෝස්ට් එකක්ම ලිව්වනං තමයි හොඳ..
මේකේ එල්ලන්න friend connector follower gadget එක... Add gadgets වල more gadgets වල පළවෙනි පේජ් එකේ අන්තිම හරියේ ඒක තියෙනවා... එතෙකාට ෆලෝ කරන්න ලේසියි.. අනිත් ෆලෝ කරන ඒවා තිබ්බට තාම වැඩිය පාවිච්චි වෙන්නේ නෑ නේ... මටත් තාම මේක ෆලෝ කරගන්න බැරුව ඉන්නේ..... ඒත් ප්ලස් එකේ අප්ඩේට් වෙන නිසා එනවා....
Deleteඔයාට කියන්න තියෙන්නෙ ලියන්න කියලා තමයි... ලියන තරමටයි, ලියන දේවල රසවත් සහ හරවත් බවයි හින්දා තමයි කට්ටිය එන්නේ... සින්ඩි වලට දැම්මට කමක් නෑ... ඔය තියෙන්නේ ඕනෙ තරම්...
මෙන්න මේක කියෝලා බලන්න... මේකේ තියෙනවා සිංහල බ්ලොග් ගැන ගොඩක් දේවල්... කට්ටිය එන හැටි, කට්ටිය ගෙන්න ගන්න හැටි....
බ්ලොග්වල කමෙන්ට් කරද්දී...
දැන් ගිහිල්ලා බලද්දී අපිටත් ඉගෙන ගන්න දේවල් මේ පෝස්ට් එකේ තියෙනවා ..කමෙන්ට් 200 ත් පැනලා .ඒ ටික බලන්න නම් ලෝඩ් මෝර් ඔබන්න...
Deleteදැන් ඒ ගැජට් එක එන්නේ නෑ හිරු. මං හැමතැනම හෙව්වා ඒක. ඒක තිබිලා තියෙන්න් ඉස්සර. දැන් ඉවත් කරලා. කොහොමත් ලිංකුව මං කියවනවා.
Deleteඒක තියෙනවං ළමයෝ ඔය මං කියපු තැන.. මං දැන් බලලා ආවේ... more gadgets වල පළවෙනි පිටුවේ අන්තිම එක ( 25 වෙනි එක) ....
Deleteයුරේකා යුරේකා හම්බවුනෝ....... හිරු බොහොම ස්තුතියි. එල්ලුවෝ..
Deleteනම් හැදුන හැටි ගැන වෙනම එකක් ලියන්න හිතට ආවා කතාවක්. ඒක ලියන්නං තව දින දෙක තුනකින් හිරු.
Deleteමගෙ යාලුවෙක් හිටියා බීලා කබරයා දාන.බොන හැමදාම එකම ආනිසංසෙ.අඩො කබරයා කියන එක පොඩ්ඩක් කක්කා නිසා අපි කියන්නෙ අඩො කබි කියල.
Deleteඔහොම දැහැමෙන් සෙමෙන් වැඩ පටං ගන්න උං අන්තිමට වාස්ලා වගේ උන් වෙන එකනේ වැඩේ.
ReplyDeleteකෝ බං මේකේ ෆලෝවර් විජෙට් එක??
Deleteඒක හොයාගන්න නැතුව තමයි මාත් මේ අඥ්ඥකොරොස්වෙලා ඉන්නේ දිනුක
DeleteGoogle plus එකට වඩා ෆලෝකරන ගැජට් එක දාපං. එතකොට අපේ බ්ලොගේ උබෙ පෝස්ට් අප්ඩේට් වෙනවා.
Deleteහිරු කියන විදිහට මේකේ ෆලෝ කරන විජට් එක දාගනින්, මම කලින් එකත බැලුවා , උඹේ සිරා අත්දැකීම් ටිකක්නම් තියෙනවා වගේ
ReplyDeleteඅඩෝ සෙන්කොලයෝ .... මම උඹේ රෙද්දේ ගූ කතාවත් කියෙව්වා. ඒත් එකේ එල්ලෙන්න ෆලෝ විජට් එක දාලා තිබ්බේ නෑ, නැත්තම් මම කියවන හැම බ්ලොග් එකම ෆලෝ කරනවා. මගේ බ්ලොගයට ආවත් නැතත් මම කියවපු හැම එකක්ම මගේ බ්ලොග් රෝලේ තියෙනවා. මගේ එකේ කොමෙන්ට් කලත් නැතත් මම කියවන හැම එකකම කොමෙන්ට් එකක් දානවා.
Deleteබ්ලොගේ කියවන්න කට්ටිය එන්නේ නෑ කියලා දුක් වෙන්න එපා, හැලෙන්නත් එපා. මම බ්ලොග් එක ලියන්න අරන් දැන් අවුරුද්දකටත් ළඟයි. ඒත් තාම 50 ක් වත් ෆලෝ කරලා නෑ. මගේ මුල් පොස්ට් වල කොමෙන්ට් ඇත්තෙම නැති තරම්. කොටින්ම කිව්වොත් මම හරිම හෙමින් ගමනක් යන්නේ. ඒත් හදිසි වෙන්න, කොමෙන්ට් 100 ක් 200 ක් අරගන්න උණක් නෑ.
මම විශ්වාස කරන්නේ අපි හරි සහ වැදගත් දෙයක් කරනවානම් කට්ටිය එයි. මාතලන් , අටමා මට හොඳ සහයෝගයක් දුන්නා. මටත් අටමා තමයි බ්ලෝග හදන්න උදව් කරේ. නලින් අයියා ඇතුලු කීපදෙනෙක් හැර බ්ලොග් ලෝකේ නිතර සැරිසරන ප්රවීනයෝ ගොඩදෙනෙක් මගේ බ්ලොගට ආවේ මාතලන් නිසා තමයි.
කලබල වෙන්න එපා හදිසි වෙන්නත් එපා. සින්ඩි වලට ඇප්ලයි කරපු ගමන වැටෙන්නෙත් නෑ, කාලයක් යනවා. ජීවිතේ ගොඩක් දේවල් වලදී වගේ මට හිතෙන්නේ හදිසි වෙන්න හොඳ නෑ කියලා. අපි බ්ලොග් ලියන්නේ සතුට සහ තෘප්තිය වෙනුවෙන්. අපේ බ්ලොග් එකට කොච්චර ආවත් හිතේ සතුට නැති වුනොත් ඒකෙන් වැඩක් නෑ. අනික් බ්ලොග් ලියන අයත් මම හිතන්නේ එහෙමයි.
මේ ඔවදන මගේ හිතේ හැමදාම රැදී තියේවි. මට තේරෙනවා මං කලබල වුණා වැඩියි කියලා.ඔබේ වදන් මට දිරියකි.
Deleteඒක ඇත්ත ඉවාන්. ඔබ අටමයියට ප්‍රශංසා කරල තියෙනවා. මමත් අටමයියගෙ උදව්වෙන් තමයි මේ බ්ලොග් එක හදා ගත්තෙ. දැන් මගේ කාන්සිය මාන්සිය නිවාලන්නෙ මේ බ්ලොග් උත්තමය තමයි.
Deleteදිගටම ලියපන්, අපි එන්නම්.
ReplyDeleteඑන්න එන්න
Deleteසෙන්කෝලය නම දිගටම දැක්ක ටික දොහක ඉදන්. නමුත් කියවන්න වෙලාවක් තිබ්බෙ නැහැ. ඔන්න මට අද මාතලන්ගේ ඔත්තුව නිසා බලන්න හිතුනා.
ReplyDeleteදැන් ඉතින් දැන කියා ගත්තනේ. මටත් තියනවා පොඩි පොඩි ඇරියස් ටිකක් පොලෝසියත් එක්ක. මේකෙදිම කතා කරන්න පුළුවන් වෙයි කියා හිතනවා. මොකද මම අදුනන උන් බොහොම උසස් ඉදලා පොඩි කොස්ස වෙනකම්ම ඉන්නවා. උන් කියන ඒවා අහනකොට ඒවා උන්ගෙන් අහනවා තියා හිතන්නත් පව්. එහෙව් අසරණම ජාතියක් කොස්සො කියන්නෙ.
මිතුර පුළුවන් නම් පොලිස් කාරයට වෙලා තියන අසාධාරනය ගැනත් ලියන්න. මම ඒ ගැන දන්නවා මගේ මිතුරන් නිසා.
මාතලන් කළ උදව්වෙන් බොහොම දෙනෙක් දැන ගත්තා මගේ බේ බ්ලොග් කබල ගැන.ඇත්තටම පොලිස් පොඩ්ඩන්ගේ කතා ටිකක් ලියන්න හැකියි. ලොරියම ගමේ ආ වෙලාවට කියන කතාවලින්. බොහොම සාදරයෙන් පිළිගන්නවා මහ වෙද මහතාව.
Deleteඔන්න ඔබ මගේ අඩවියට ඇවිත් කල ආරාධනය දැක විනාඩි තුනක් ඇතුළත මම ආවා. ඔබ ආරම්භයක් ගෙන තිබෙනවා. මට නිරීක්ෂණය වූ දේවල් මෙන්න මේවායි.
ReplyDelete1. ඔබේ වයසේ අයට හෝ එක සමාජ තලයක සිටින අයට හෝ සීමා වන පරිදි ලිපි ලියන්න එපා. පොදුවේ කාටත් රස විඳිය හැකි, මධ්‍යස්ත භාෂා විලාශයක් යොදාගන්න.
2. මම කියෙව්වේ මේ ලිපිය විතරයිනේ. තව ලියන්න. පසුබට වෙන්න එපා. කලක් යනතුරු හිතට එන ඔක්කොම කෙටුම්පත් හැටියට ලියාගෙන ලියාගෙන යන්න. හැබැයි ඒ කෙටුම්පත් ලිපි හැටියට පල කරන්න පෙර දෙතුන් වතාවක් කියවා බලන්න, ඇත්තටම එහි වටිනාකමක් හරයක් තිබේද කියා.
3. හැකි තරම් බ්ලොග් ලිපි කියවන්න. පුවත්පත් සඟරා ආදියත් කියවන්න.එවිට ලියන්න දේවල් ඔලුවට එනවා.
4. මේ කතාවෙත් හාස්‍යය තිබෙනවා. ලෝකයේ තිබෙන අමාරුම දෙයක් තමයි තමන් සිනා නොවී අනෙක් අය සිනා ගැන්වීම.
ඔබට සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබ වැනි සාර්ථක මෙන්ම වැඩිහිටි බ්ලොග් කරුවකු දුන් අවවාද බොහොම තදින් හිතට ගත්තා. අනේක වාරයක් ස්තුතියි මහත්මයා.
Deleteවිචාරක මහතාණෙනි..මම ද මේ කොමෙන්ටුව ඔස්සේ බොහෝ දේ උගත්තා..ස්තුතියි...
Deleteඔක්කොමත් හරි...
Deleteපන්ඩිත කම තමයි වැරදි...
අගෙයි
Deleteලොරියා පොලිස්කාරය වුනාට පස්සෙ මේ වගේ නීතිගරුක වැඩ කරනවද බං ?
ReplyDeleteජය වේවා !
දන්න තරමින් මේකා කාටත් හිතවත් පොලිස් කාරයෙක් තමා. ඒත් නස්කූනි වැඩත් ඇති තාම.
Deleteමිනිහ පුහුණුවට යන්ඩත් කලින් පොලිස් කාරයෙක් වෙලා නේද ? තව ලියහන් දිගටම..
ReplyDeleteජය !!
ඔබේ දිරිමත් කිරීම හරිම සතුටින් බාරගන්නවා සෙන්නා.
Deleteමං කලින් මේ පැත්තෙ ආවා. ඒත් මොකක් දෝ හේතුවක් නිසා මට කමෙන්ට් කරන්න විදිහක් හොයා ගන්න බැරිවුනා.. ඉතින් අර ඉස්කොලෙ මහත්තයගෙ කතාව කියවල ආපහු ගියා. :)
ReplyDeleteඔබගේ ලිවීමේ හැකියාව වැඩි දියුණු වෙන්න කියා පතනවා !
හිරුගේ පිහිටෙන් ඒ ගැජට් එක දාගත්තා චන්දන
Deleteඋඹල සෙට් එක කොහොම හරි අර කෙල්ල නිලියක් වෙන එක නැවැත්තුවා නේද? හැබැයි කතාවෙන් පේන්නේ උඹලත් එදා නොසන්ඩාල විදියට කපල් සොමි බල බල හිටියා කියලයි. යකෝ බොතල් ගෙනිච්චනං ඒව ගහල සිංදුවක් කියලා පාඩුවේ එන්න ඕනනේ. බලහං ගෙදර ගිහිං අර කෙල්ල බෙල්ලේ වැල් දාගත්තනං එහෙම.
ReplyDeleteමේ කතාවේ එක තැනක අම්මා එක තැනක ඇන්ටි ඒ මොකද බං.
උඹ දිගටම ලියපං මලේ අපි එනවා කියවන්න.
උඹ හරි නලින්, මුන් මහා ඉරිසියා කාරයෝ ටිකක්.
Deleteඅපෝ නෑ නලින් මහතා අපි කලේ අහිංසක කෙල්ලක් අමාරුවේ වැටෙන එක නවත්තපු එක විතරයි.
Deleteහණමිටි සංස්කෘතික පොලිසියකට ද ඌ බැඳුණේ?
ReplyDeleteමොකා වුනත් පටන් අරං තියෙන්නේ ම හයිරං සහ හොරකං එක්ක. සුභ අනාගතයක් උදාවෙලා ඇති!
බ්ලොග් ලියන්නන් අතර ඔබ කවුරුන්ද යන්න ගැන නලින් මහතා පොස්ට් එකක්ම ලියලා තියනවා. මට හරිම සතුටුයි මගේ පළමු ලිපියේ සිටම ඔබ තුමන් පැමිණීම ගැන. ඇත්තටම මම හිතා හිටියේ බ්ලොග් යනු කොල්ලන් පිස්සු කෙලින තවත් එෆ්බී පිටුවක් කියලයි. දැන්මට වෙනස තේරෙනවා. නැවත එන්න.
Deleteමාතලන්ගෙ සින්ඩියෙන් තමා මාවත් සිංහල බ්ලොග් ලෝකයේ ගොඩක් අය දැන ගත්තෙ..
ReplyDeleteඅළුත් බ්ලොග් වලට හැම බ්ලොග් කරුවෙක්ම දෙන සහයෝගයනම් උපරිමයි
මාතලන්ට මම ස්තුති කරන්නෙ කොහොමද කියලවත් තාම තේරෙන්නේ නැ.
DeleteFollowers ගැජට් එක දාගන්න
ReplyDelete…Layout -> Add a Gadget -> go to more Gadget Tab scroll down select last Gadget
සමාවෙන්න ඕන ඔය අගේට දාගේ තියෙන්නේ උඩ කමෙන්ට් එක කෙටුවේ අද උදේ Followers ගැජට් එක නෑ කියලා දැක්ක ගමන්මයි. පබ්ලිශ් කරන්න අමතක වෙලා කමක් නෑ කොහොමහරි දාගත්තනේ දිගටම එන්නම්
Delete…
…(ආදරෙන් කියන්නෙ, එකම කමෙන්ට් එක හැමතැනම දාන්න යන්න එපා )
……
……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
බොහොම ස්තුතියි ජෝන් සහෝදරයා. කට්ටිය කියලා දුන්නා මට ඒ වැඩේ.
Deleteඔබේ අරයුමෙන් මා ඔබ අඳුනා ගත්තා.(තවම කියවෙව්වේ මේ post එක විතරයි.අනික්වාත් හෙමිහිට බලන්න ඕනෑ.) මට හැඟෙන අන්දමට නම් ඔබට ලස්සනට ලියන්න පුළුවන්.ඔබ නහයෙන් අන්දන කාරණය නම් මට තේරෙන්නේ නැහැ.මේ දක්වා මගේ blogs දෙක බලපු අය යන්තම් 1000 ඉක්මවූවා විතරයි. නමුත් ඔබේ මේ එක blog එක දැනටමත් 1722ක් බලල තියෙනවානෙ.මේකේ comments උනත් 33ක් තියෙනවානෙ.ඉතින් ඒ මදිද?(මගේ ලිපි වල comments 3,4,කට වඩා නැහැ) commentsබලන කොට සතුටක් දෙනෙනවා තමයි නමුත් ඊටත් වඩා සතුටක් ලැබේන්නේ හොඳ නිර්මාණයක් ලියඋනාම කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteblog කරණයේ තාක්ෂණික පැත්ත අතින් නම් මා ඔබ මෙන්ම දුප්පත්.(මම දන්නේ අකුරු ගහන්න විතරයි)
ඔබේ උත්සාහය සපල වේවා.
සමරසේකර
ඔබේ අඩවියට එන පාර කොහොමද හොයාගන්නේ
Deleteනම උඩ ක්ලික් කරලා අදාල පුද්ගලයාගෙ විස්තර බලන්න ඒ අය Join වෙලා ඉන්න බ්ලොග් බලන්න තව ඒ අයගෙ බ්ලොග් ලයිස්තුවත් බලන්න පුලුවන්
Deleteකියෙව්වා... ගොඩක් උපදෙස් තියෙන්නෙ.. :D
ReplyDeleteඔව් අක්කේ ඒවා කියෝලා මං දැන් හැදෙනවා. මං මුල වරද්දගත්තා.
Delete//උඹ, මම, රෙමා,පඬියා,පඩික්කලයා,අලයා.ලොරියත් එක්ක එනවා තකුඳයි, පිජ්ජමැස්සයි'// බලහල්ලකෝ නං ටික හේ හේ .... :Dඅර රොද්‍රිගු මහත්තෑන්ගේ කතාවත් මං කියෙව්වා කලිං .එතකොට ෆ්ලොවර්ස් ගැජට්ටුව තිබුනේ නෑ මයේ හිතේ
ReplyDeleteඅක්කේ ඔය නං ඇත්තටම අපේ ගමේ කොල්ලන්ට කියන නං. ඒ හින්දා මතක තියාගන්න අපහසුවක් නෑ. සෙංකෝලයා කියන්නෙත් මට ගමේ කාඩ් එක. සෙම පෙරන කොල්ලා.මේ ගැල්ලමයිට නෙමේ මං පොඩි කාලේ සෙම පෙරාගනලු හිටියේ.
Deleteඋබ කිව්වා මම ආවා.... උබ හොදට ලියනවනේ බන්...... මේ පොස්ට් එකනම් කියෙව්වා දැන් පොඩි මලක් කඩන්න යන්න තියෙනවා දිගටම ලියපන් කට්ටිය එනවා....... බ්ලොගට හා උබට ජය
ReplyDeleteහරි සතුටුයි මැලේ රාලේ. එන්න දිගටම මාත් එනවා ඒ පැත්තේ.
Deleteමමත් ආවෙ පෝස්ට්ටුව කියවන්න කලින් ෆලෝ පාරක් දාගෙනම .....නරකමත් නෑ.....බලමු ඉදිරියට පුළුවන් තරම් කුණුහරප නැතුව වටින කියන දේවල් ලියන්න බලන්න පුළුවන්.....පැවැත්මක් තියෙයි එතකොට....
ReplyDeleteජයම වේවා......
අඩේ අක්කලා වැහි වැහැලනේ අද...කුනුහරප ලියන්නේ නැ අක්කේ දැන්නං කොහොමවත්.මාරයා අයියගේ ලිපිය කියෙව්වට පස්සේ මට පිස්සු හැදුණා.
Deleteඔන්න මමත් ආවා දැන් ඉතින් දිගටම ලියන්න අපි එන්නම්. මෙවැනි රසවත් දේ ලියවෙනවා නම් කියවෙන පිරිස අඩුවෙන්න බෑ මටනම් කිසි අඩුවක් පෙනෙන්නෙ නෑ.
ReplyDeleteසුබ පැතුම්
බොහොම ස්තුතියි
Deleteලංකාවෙ සම හරක් අම්මල,දුවල ගොන් @#%!යන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.
ReplyDeleteසමහර රේඩියෝ චැනල් වල,පත්තරවල යනවා එක ඒකාල අන්දවන ඇන්දිලි ගැන කෝ අහනවද?
බත් කඩේ බෝඩ් එක නැතත් කෑම රස නම් කස්ටමර් ලගෙන් පිරිල තියෙයි.
නාහෙන් නාඩ දිගට රසට ලියන්න.අපි එනව කියවන්න.
කෙන්ජි මහත්තයත් ඇවිල්ලනේ.මහත්තයගේ නමත් අර ලිපියේ තිබුණා.
Deleteමගේ ලිපියේ නියම අදහස මහත්තයට තේරිලා තියනවා.
ඔයාගේ පෝස්ටුව කියෙව්වා...අර යාළුවන්ට දාල තියන නම් ටික මතක තියාගන්නේ කොහොමද අප්පා...
ReplyDeleteහැමදාම කියන නං නේ ඒවා. ඒ නංවලින් තමා අපි කතාකරන්නේ. උපන් දා ඉදන් දන්න නං තමා.
Deleteකතාව රසවත්. දිගටම ලියන්න.
ReplyDeleteදැන් තියන ගැටලුව තාමා ඒක. ලියන්න හිට දේවල් ලියන එක නැවැත්තුවා. දන් වෙන දේවල් හොයනවා ලියන්න.
Deleteඔන්න මාත් ආවා මේ පැත්තේ....
ReplyDeleteඅර නම් ටික තමා නම් ටික... හික්.....
මේ අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද
Deleteඔන්න බොලෙ මමත් ආව. කලින් දෙකත් කියෙව්ව.නියමයි.අරුට කියපන් උට ට්රනින්ග් ඔන වෙන එකක් නෑ කියල,මගෙත් යාලුවෙක් හිටිය තකුද කියල මතුගම.
ReplyDeleteඅරු ගමේ එන්නේ දැන් මාස දෙකකට විතර සැරයක්. අපේ තකුඳ හරි මහතයි.
Deleteනියමයි ..දිගටම ලියාගෙන යන්න.
ReplyDeleteසුබ පැතුම්!
ස්තුතියි ඩොක්ටර් ඇල්බාන්
Deleteඔබ ලියන බ්ලොග් එකට පාර කියන්න.
Deleteඅද සිදුවන තවත් “සුනාමියක“ එක රැල්ලක් ගැන කළ කතාවක් විදියටත් මම මේ මුළු ලිපියම දකින්නෙ , මේ කියවන මොහොත වන විටත් , “සුජාත දියණිය“ වන්නට ගිය කෙල්ලන් කීදෙනෙක් “අවජාතක දරුවන්“ ඇති කරගන්නවා ඇත්ද ?
ReplyDeleteලියන්න දිගටම , ඒ වගේම විචාරක ඇතුළු මේ බ්ලොග් පරිශ්‍රෙය් හිතවතුන් ලබා දෙන උපදෙස් , දැනුවත් කිරිම් එක් කරගන්න , ඔබට මේ සුන්දර බ්ලොග් අවකාශයේ දිගු ගමනකට ආසිරි .
ස්තුතියි ඔබට
මේ ලිපිය හරියටම තේරුම් ගෙන ඇත්තේ ඔබත් ජපන් මහත්තයත් විතරයි.අපේ ගම්වල කෙල්ලන්ට අත්වන ඉරනම තමා මේ ලිව්වේ. ඇත්තටම ඒ කෙල්ලත් අවජාතක දරුවන් වදන්න තිබුණා ලොරියා ඒ දේ නොකරන්න.
Deleteලොරියා එදා ලෝස් නැතුව වියදම් කරේ අනාගතේ කුට්ටි ලැබෙයි කියලද දන්නෑ.. හිකිස්
ReplyDeleteලොරියා නෙමේ වියදං කරේ උගේ අයියා.
DeleteDhenata sinhala nethi nisa Singlish walin kotami. Rasawath kathaawak rasata kiyawaa windhemi.
ReplyDeleteදැනට සින්හල නැති නිස ශින්ග්ලිෂ් වලින් කොටමි.රසවත් කථාවක් රසට කියවා වින්දෙමි.
Deleteස්තුතියි වෙනි
Deleteඉන්ටවිව් ආපු ගමන්ම බලතලත් හම්බුවෙලා පොරට.
ReplyDeleteසෙංකෝලෙ, උඹ නහයෙන් ඇඬුවට මෙතන එච්චරම කේස් එකක් නෑ. මුල්ම පෝස්ට් වලට ට්‍රැෆික් අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. සින්ඩි වලට දැම්මාම එක පාර වැඩ කරන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් ඒ වැඩ මන්දගාමීයි. මගේ ඩෙනිම තවම ලාංකීය එකට හරියට වැටිලා නෑ. දැන් අවුරුද්දක් වුනා.
අනික උඹ අරවගේ බැගෑපත් වෙන්න ඕනෙ නෑ මගේ බ්ලොගටත් වරෙල්ලා කියලා. ඇත්තෙන්ම සෙංකෝලේ උඹට කරන්න තියෙන හොඳම දේ අනිත් බ්ලොග් වලට ගිහින් ඒ පෝස්ට් එක කියවලා, ඒකට අදාල කමෙන්ට් එකකුත් දාන එකයි. Be seen. එතකොට කොහොමත් ඒ ඔස්සේ කට්ටිය එනවා. බඩු හොඳනම් රැඳී ඉන්නවා. බඩු බාල නම් නිකම්ම හැලිලා යනවා.
මම හිතනවා උඹ මාත් එක්ක අමනාපයක් ඇතිකරගත්තේ හෙම නෑ කියලා, පොල්ලෙන් ගැහුවා වගේ කියන්න තියෙන දේ කිව්වට.
ඔය මොන පොල්ලෙන් ගෑහිල්ලක්ද බන් බලපන් මතලන්ට තදවුනොත් දෙන හෑටි
Deleteමගේ වැරැද්ද මං දැන් තේරුං ගත්තා හෙන්රි බොලොගර්
Deleteනලීන් අයියගේ මඟ පෙන්වීමට ඔන්න මමත් ආවා සෙංකෝලය බලන්න. සුබ පැතුම් දිගටම ලියන්න.
ReplyDeleteඑන්න එන්න මං ඒ හැමෝටම නයගැතියි
Deleteඋඹේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි නැහැදිච්ච කම පෙන්න පෙන්න තොගේ බොග කඩමාල්ලෙ ලින්කුව හැමතැනම දාන එක. බ්ලොගක් හැදුව නම් ඒක ලියාගෙන ඉඳපං, එන එකෙක් ඇවිල්ලා කියවලා යයි. උඹ මැරෙන්න හැදුවට වැඩක් නැහැනේ.
ReplyDeleteනොදන්නා කමට වූවැරැද්දට මං සමාව ගන්නවා. ආයි එහෙම කරන්නේ නෑ.
Deleteඔබ හරි පොලීසියට යන්නම ඕන නෑ අපරාධ නවත්වන්න. සිවිල් සමාජයේ ජීවත් වන අයට පුළුවන්. උදාහරණයක් බලන්න. සිංහයා කියන්නෙ වනයේ අධිපතියාය. උගේ ආහාරය තමා තැලයේ ජීවත් වන අහිංසක සතුන්. හාවාගේ ඉදලා හැම සතෙක්ම. නමුත් මා දැකල තියෙනවා දවසක් ටී වී එකෙන් අරබ ඇගේ ඉරි ඉරි තියෙන සතා මොකාද අන්න උන් රැළක් සිංහයෙක් පස්සෙ දුවනවා. සිංහයා පණ එපා කියල කැලේ පැත්තට දුවනවා( සතාගෙ නම අමතක වුණා එකපාරටම නම තමා සීබ්රා)
ReplyDeleteමාත් ඒක දැකලා තියනාව රැපවාහිනියේ
Deleteකවුරුත් එන්නේ නෑ කිව්වාට යකෝ මේ සූ ගාලා ඇවිත් ඉන්නේ. මේ මදිද බන්?
ReplyDeleteමාත් නොහිතුව විදියට අද ඇවිල්ලා. මාතලං අටං නලින් කරපු උදව්වෙන්.
Deleteඉලක්කම් දාලා ලියන හැටි උපදෙස් දෙන්න මම ලොකු පොරක් වත් භාෂා විශාරදයෙක් වත් නෙවෙයි.පොඩි පොඩි සීන් ටිකක් කියන්නම් ඉතින්.
ReplyDeleteමචන් සෙන්කෝ උඹට ලිවීමේ හැකියාව ප්රශස්ත මට්ටමක තියනවා.ඒ නිසා උඹ උඹට පුරුදු විදියටම ලියන්න.ප්රබුද්ධ මිනිස්සු විතරක් සතුටු කරන්න තමන්ගේ ලියන විදිය වෙනස් කරන්න යන්න එපා.මොකද අපි හිතනවට වැඩිය ලොකු රුචිකත්ව පරාසයක් මේ බ්ලොග් අවකාශේ තියනවා.ලියන ලිපි වලට විවිදත්වයක් දෙන්න (හොඳම උදාහරණය මාතලන්).එතකොට මේ හැම පරාසෙකම අය උඹ වටේ එක් රොක් වේවි.
තව දෙයක් තමයි ලබන මාසේ ලියන්න ඕනේ දේ මේ මාසේ සැලසුම් කරන්න එපා.මොකද එහෙම උනොත් වෙන්නේ අදාළ මාතෘකාව ඒ වෙනකොට කල ඉකුත් වෙලා තියන එක.දැන් ඔය සමහර බ්ලොග් ලියන අය ඉන්නවා ඒ ගොල්ලෝ කරන්නේ තමන් කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක් ලිපියක් විදියට දාන එක හරි කොහෙන් හරි ආපු ඊමේල් එකක් සිංහලට හරවලා පලකරන එක හරි.මෙතැනින් පලවෙනි කොට්ටාශේ පල කරන ලිපි වල අන්තර්ගතය සදාකාලිකයි.ඒත් ඒ අය නිර්මාණ කරුවන් විදියට සැලකෙන්නේ නෑ.දෙවෙනි කොට්ටාශේ හැඳින්වෙන්නේ පරිවර්තකයෝ කියලා.සෙන්කෝ උඹට නිර්මාණ කරුවෙක් වෙන්න ඕනේ නම් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න ඕනේ නම් තමන්ගේ දේවල් තමන්ගේ විදියට ලියන්න.පරිවර්තකයන්ගෙන් / පොතේ ගුරාලගෙන් උපදෙස් ගන්න යන්න එපා.
නිර්මාණ කරුවෙකුට ඔහුගේ භාෂාව ආභරණයක්.හොඳම උදාහරණය තමයි තරුණයා පත්තරේ "සමන් එදිරිමුණි" මහත්තයා.තරුණයා පත්තරේ පලවෙන "එදිරිගේ සාටරේ" ලියන්නේ ඔහු.ඒවගේමයි "පුංචි වතේ රංචු ගැහෙන" ගීතය ලියන්නෙත් ඔහු.තේරුම් ගන්න පුළුවන් නේ එතකොට ඔහු භාවිතා කරන භාෂා පරාසය.
උඹ ලියන්නේ උඹේ ආත්ම තෘප්තිය උදෙසානම් ඒක උඹේ විදියට ලියන්න.අනිත් අය සතුටු කරන්න ලියන්න එපා.එතකොට උඹේ විදියට කැමති පාටක පිරිසක් උඹ වටේ එකතු වේවි.අන්න එතැනදී තමයි සෙන්කෝලයා කියන කෙනාගේ අනන්‍යතාව ගොඩ නැගෙන්නේ.
සෙන්කොලයාගේ ශයිලිය මිනිස්සු වැළඳ ගත්තා කියන එකට තියන හොඳම උදාහරණේ තමයි මේකට වැටුන කොමෙන්ට් ප්‍රමාණය.
උඹෙන් යමක් ඉගෙන ගත්තා...උඹ දක්ෂයෙක්...උඹට ජය...
ප.ලි - ලින්කුව කොමෙන්ට් එකක් විදියට දැම්මට කමක් නෑ අදාළ ලිපිය යම් ඇගයීමකට ලක් කරලා..
නෙට් අවුලක් නිසා ෆලෝ බැරියෝ සොරි ඩොට් කොම් වේවා :)
ReplyDeleteඋබට විස්වසාද යාළුවා තවම හොද පොලිස් නිලදාරියක් කියලා?
ReplyDeleteමාතලන් කියපු පාර දිගේ ආවේ. දිගට ම ඇවිත් යන්න එන්නංකෝ.
ReplyDeleteවරදක් නෑ බ්ලොග් එකනම්
ReplyDeleteමමත් ඔන්න ආරාධනාව ඔස්සේ ආවා. ඔහොම ලියාගෙන යමු, හොඳ අනාගතයක් තියේවි මේ බ්ලොග් එකට. ඔයාගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් හැටියට සින්ඩි වගයක් දැම්මා. ඉස්සර මම දැනගෙන ඉඳපු ඒවා. ඒවටත් දාලා තිව්වට වරදක් වෙන එකක් නෑ
ReplyDeleteඔහොම එකෙක් අපිත් එක්ක හිටියලුනේ ,,,,,,,,, :D
ReplyDeleteඑන්ට කිව්වා ඕන්න ආවා දත කට පූට්ටු කරගෙන දිගටම ලියපන් කියවන්ඩ පුලුවන් ඕන දෙයක් ජය වේවා..
Deleteපාර දිගේ බ්ලොගයේ ඔබ දැමූ කමෙන්ටුව ඔස්සේ පැමිනියෙමි.එයට මා යොමුවූයේ එය කියවීමෙන් ඔබ කෙරෙහි ඇති වූ අනුකම්පාව නිසා බව කිව යුතුය.ඔබගේ පළමු හා දෙවන ලිපි වලට පිලිවළින් කමෙන්ටු 33ක් හා24ක් ලබා ඇති බවද නිරීක්ෂනය කලෙමි.අලුතින් ආරම්භ කල බ්ලොගයක පළමු හා දෙවන ලිපි දෙක සදාහා ඉතා සාදාරන කමෙන්ටු ප්‍රමානයක් ඔබ ලබා ඇති බව මගේ නිගමනයයි.එලෙස තිබියදීත් ඔබ වෙනත් බ්ලොග් වල කමෙන්ට් දමමින් ඔබගේ බ්ලොගයට පැමිනෙන ලෙස ඉල්ලීම සුදුසු නොවේ යැයි මගේ හැගීමයි.ඔබ මේ ගමන යා යුත්තෙ අනුන්ගෙන් ලබන අනුකම්පාව ඔස්සේ නොව ඔබගේ හැකියාව ඔස්සේ බව මගේ විශ්වාසයයි.
ReplyDeleteමොන ලිපියෙද මගෙ නම තිබුන කිව්වෙ ?
ReplyDeleteඅනේ සෙන්කෝ..ඔය ඇති මයෙ මලේ කමෙන්ටු හෙඳටම..අනික ඉතින් තවත් බස්සරහට කියවාවිනේ උඹේ ලිපි මේ අපේ උදවිය. අනික දැන් එකෙන්ම බලහං මගේ බ්ලොගය. මම දන්න ෆීල්ඩ් එක පැත්තෙන් පෝස්ටුවක් දැම්මොත් කමෙන්ටු උපරිම පහක් වගේ තමා ඉතින් වැටෙන්නේ. වෙන එකක් ගැන දැම්මොත් නම් දහයක්වත් ගත්තහැකි. අප්පේ ඒ අතින් මේ සෙන්කෝලෙ කොච්චර සිරියාවන්තද බං. එක හුස්මට කියවන්න ඇහැකි බොහොම ලස්සන පෝස්ටුත් තියෙනව නෙව..අන්න ඓහම හිතපංකො...
ReplyDeleteබොහොම ස්තුතියි රති.
Delete