Sunday, July 7, 2013

සෙන්කෝලය ආවා

සෙන්කෝලය කිව්වගමන් දැන් කට්ටියට දියවන්නාව මතක් වෙලා ඇතිනේ. අන්න ඒ උතුමන්ලා එක් රැස්වෙලා අපි වෙනුවෙන් තීන්දු තිරණ ගන්න තැන තියන පොල්ල තමා මේ.
මේක හරිම උත්තරීතරයි ලූ. අනේ ඒත් මට නං දොයිත්තකට වටින්නේ නෑ. ඒ කියන්නේ ඒකෙන් මට වැඩක් නැති හන්දා.
ඒ වුණාට මේ උත්තරීතර පොල්ල තියන තැනට යන උතුමන්ට සමාජයම වෛර කොරනවා. මං නං හිතන්නේ මේක මනෝ ව්‍යාධියක් කියලයි.
උන්නාන්සෙලා කොරන කෙරුම් කියුම් කොරගන්න බැරිව ඊරිසියාවට තමා මේ කතා කියන්නේ. ඔය උන්නාංසෙලට බයින බයියෙකුටත් ඔය දියවන්නාවේ ආසනයක් ලැබෙනවනං නොගෙනම ඉදියි. මං මේ කියන්නේ දේසපාලන පක්සයක පැත්තක් අරං එහෙම නෙමෙයි. මොන පැත්තකිං හරි ඔතෙන්ට යන්න නං හැබෑ හැකියාවක් තියෙන්න ඕන. ඉතිං ඒ හැකියාවල් මොනවද කියල හොයල බලන එක ඔහේලට බාරයි.
ඉතිං මගේ හිතට එන දේවල් ඔහේ මුදා හරින්න තමා මං සෙන්කෝලය අටෝ ගත්තේ. කිසිම සීමා මායිමක් නෑ හිතට එන හැම දේම කියල දානවා. පොඩි එවුවොත් කියවන හින්දා කුණු හරුප විතරක් කියන්නේ නෑ. ඔහේලටත් ඇහැකි ඕන අදහසක් කියල දාල යන්න.
සෙංකෝලය කියන්නේ 
අත්මුගුර
ගදායුධය
ගදාව
බලතඩිය
වසාවාසි
වේත්‍රය 
සෝලුලීය  යන අදහස දෙන වදනක්. ඉතිං මාත් ඔය වදන්වල විදියට හැසිරේවි.  එක්කසු වන්න ආරාධනා කරනවා ඔහේලා හැමෝටම
එහෙනං මට අවසර...................

36 comments:

  1. Replies
    1. මගේ පළමු පාටකයා නිහඬ සහන් ඔබයි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.

      Delete
  2. ඉස්සරහට ලියන දේවල් ඇවිත් බලන්නම්...මුගුරු පාරවල් ගැන එහෙම

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ගජින්

      Delete
    2. මෙය ගයිජින් කියා වෙනස් විය යුතුයි.(ජපන් භාෂාවෙන් ගයිජින් කියන්නෙ විදේශිකය/foreigner කියන අදහසයි)

      Delete
    3. මෙය ගයිජින් කියා වෙනස් විය යුතුයි.(ජපන් භාෂාවෙන් ගයිජින් කියන්නෙ විදේශිකය/foreigner කියන අදහසයි)

      Delete
    4. මදැයි මේක මං කයොල තියෙන්නේ ගජින් කියලනේ. තවත් ජපන් මහත්තයෙක්ම ආපු එක හොදා නොදන්න ජපන් කියල දෙන්න. එතකොට කෙන්ජි කියන්නේ මොනවටැයි.

      Delete
    5. කංජි කියන්නේ නං සව් කැද වලට..

      Delete
  3. මමත් සුභ පතනවා.මධ්‍යස්ථව ගමනක් යමු.හරි දේ පෙන්වා දෙමු.අමතක කරන්න එපා අනාගතයේ ප්‍රධාන ම මාධ්‍යක් බවට මේ බ්ලොග් පත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙහෙම එකක් අටව ගත්තේ. සාදරෙන් පිලිගන්නවා

      Delete
  4. පොඩි දෙයක් පෙන්වල දුන්නට අමනාපයක් නෑ නේද? “සෙන්කෝලය“ නොවේ “සෙංකෝලය“ නේද නිවැරදි අක්ෂර වින්‍යාසය?

    අවාසනාවට අපි භාවිතා කරන විදිය වැරදි මිසක් සෙංකෝලය, දියවන්නාව, ......... වල ඇති වැරද්දක් නෑ.
    සුභපැතුම් මිත්‍රයා !

    ReplyDelete
    Replies
    1. අම්මපල්ල මට බැරිම දේ ඕකනේ. අමනාපයක් නැ පෙන්නලා දුන්නට

      Delete
  5. Replies
    1. අද ජූලි හත. මේ තමයි ආරම්භය. ඉතිරිය ඉදිරියට. අසා ඇති පරිදි ඔබ තමයි සිංහල බ්ලොග් ලොවේ රජු. පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්.

      Delete
  6. මගේත් සුබ පැතුම් යාලුවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාදරෙන් පිලිගන්නවා

      Delete
  7. සුබ පැතුම් බ්ලොග් ලොවට අලුතින් එකතුවෙන ඔබ ආදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  8. තවත් විගඩමකටද එන්න එන්නේ.

    ReplyDelete
    Replies
    1. රටේ ලෝකේ වෙන හැම විගඩමක්ම විනිවිද දකින්නයි එන්නේ. ඔය නිර්නාමික උන්නැහේලගේ හෙල්ප් එක මට සැහෙන්න ඕන වෙයි.

      Delete
  9. සුභ පතනවා සමාජය වෙනුවෙන් යමක් ලිවිමට පන්හිඳ ශක්තිමත් වේවායි කියලා!දේශපාගනය නම් තිත්තයි.

    ReplyDelete
    Replies
    1. පැතුමට බොහොම ස්තුතියි මන්ජු

      Delete
  10. සුබ පැතුම් අළුත් දෙයක් ගන්න අපි ආයෙත් මේ පැත්තට එන්නම් !

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මහේෂ්. එන්නං ඒ පැත්තටත්

      Delete
  11. ඔන්න මමත් එනවා..සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණීමට.

      Delete
  12. මෑතකදි කීප දෙනෙක්ම එනවා කිව්වා. ඒ උනාට ආවේ නෑ. මාසෙකට එකක්වත් ලියන්න බැරි නම් බ්ලොග් ලියලා වැඩක් නෑ.

    සුභ පැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. උත්සාහ ගන්නවා දිගටම ලියන්න.

      Delete
  13. දිගු ගමනකට සුභ පැතුම්.!
    කොමන්ට් කරන අයට හැරෙන තැපෑලෙන් මේ වගේ උත්තර දෙන එකත් ඔබගෙ දිගු ගමනට ලොකු දිරියක් වේවි මිත්‍රයා.

    ReplyDelete
  14. සුභ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ පැතුමට.

      Delete
  15. මං පරක්කුයිද මන්දා... ( කන්න දේවල් ඔක්කොම ඉවර කරලද කට්ටිය.. නැත්තං අපරාදේ හති හලාගෙන ආවටත්.... හි හි)

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද මේ තියෙන්නේ කන්න දේවල් ඕන තරම්. දිගටම එන්න. සාදරයේන පිළිගන්නවා.

      Delete
  16. සෙං කියනෙ සෙමට කෝලය කියන්නෙත් . ප්‍රතිෂ්‍යාවට.. . ඒකට දෙන ආයුර්වේද බේත කෝල සෙලෙස්මා (අපේ වෙදැදුරා දැක්කොත් මං කපෝති..) ලියමු ලියමු.

    ReplyDelete
  17. රිද්දවිය යුතු තැනට රිදෙන්නම පහරදෙන්නට ඔබේ සෙංකෝලයට ශක්තිය ලැබේවා!

    ReplyDelete
  18. යගදාව ගෙන තඩි බානු හැකි වෙර යොදා හැකි සැනින්..

    ReplyDelete
  19. සෙංකෝලය, ඔබ කොහිද?

    ReplyDelete

ඕන අදහසක් කියල යන්න. වාරණයක් නැත.