
'අන්න අරුන්දැ ඕපයක් ඇදබාන්න ද කොහොද එන්නේ උඹලගේ ගෙවල් දිහාට'
ජනේලයෙන් එපිට බලා සිටිනා ගැට්ටාගේ හඬින් මම ද එදෙස බැලුවෙමි. කර්ලිනා හාමි ගමේ තනිව ජීවත්වෙන ගෑනියකි. උන්දෑ ගේ මිනිහා සයිමං ගොයියා ගහෙන් වැටී මියැදුනාට පසු ගමේ ගොඩේ කොහෝ හෝ ගෙදරක වැඩක් පළක් කර දී එදා වේල පිරිමහ ගන්නා උන්දෑ ගැන මගේ හිතේ ඇත්තේ දුකක් මුසු අනුකම්පාවකි.
‘පව් බං ජීවත් වෙන්නනේ ඔය එක එක ඒවා කිය කියා ගෙවල් ගානේ කරක්ගහන්න’
‘කෙහෙම්මල මට ඔය ගෑනිව පේන්න බෑ. හැම එකාටම පද හද හදා ගම පුරා කියා ඇවිදිනවා’
ගැට්ටා ට කර්ලිනා උන්දෑ පෙන්නන්න බැරිව ගොස් ඇත්තේ මන්දැයි දන්නා මගේ මුවට සිහින් සිනාවක් නැගිනි. සේදිරිස් ගේ ගෙදරට ගොම්මනේ ගැට්ටා ඇදෙන බව ගමම දැනගත්තේ කර්ලිනා ගෙන්ය.
‘ඔව් උඹට අවලමේ යන්න බැරිවුණේ ඒ ගැනි හින්දනේ.. අපි නොදන්න චෙස් කිව්වලු ගැට්ටෝ’
‘අනේ මේ මගෙන් කුණු හබ්බ නාහ හිටපන් සෙංකා’
උණ පඳුර ළග වක්කඩෙන් ඇලට බැස කකුලක් පිට කකුලක් අතුල්ලා දෙපා හෝදාගත් කරලැයින් උන්දැ කෙළින්ම අපේ වත්තට පැන ළිඳ ළග සිටි අම්මා සිටින ඉසව්වට ඇදෙන අයුරු ගැට්ටාත් මාත් බලා සිටියමු.
‘ආ කරලැයින් කොහෙද මේ හැන්දැකොරේ’
‘එගොඩහට ගියා නෝනේ.... මේ එමිං ගමං ඕවිටේ තිබිලා අපූරු මැල්ල දළු ටිකක් හම්බ වුණා. නොනේ මතක් වෙලා ඇන්න ආවා. චූටි මහත්තයත් කන්න ආසයිනේ’
‘දෙන්ඩ නෝනේ පණිට්ටුව මං වතුර ටික පුරවන්ං’ අම්මාගේ අතින් ලනුව ගත් කර්ලිනා මේ සූදානම් වන්නේ ලොකු කයිවාරුවකට බව මට ඉවෙන් මෙන් වැටහිනි. දැන් ඇගේ මේ ඕප දූප කතාවට අම්මාත් හවුල්වෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.
‘ඔන්න ගැට්ටෝ මල්ල ලෙහන්න යන්නේ. මට වෙලාවකට අපේ අම්මත් එක්කත් තරහයි බං’
අම්මාද ඕප දූප කතාබහට හවුල්වන බව දැනගත් මගේ හිතේ ඇති වූ විචිකිච්ඡාව වහගන්නට තැත් කරමින් කීවෙමි.
‘නෝනේ දැං කාලේ කෙල්ලොවත් විස්වාස කරන්න බැරි හැටියක්. කවද අහපු කතා ද මේවා’
‘ඇයි බං මොකද වෙලා තියෙන්නේ’
‘පියසිරියගේ ඉස්කුරුප්පුව අන්න හොඳ අඩව්වකින් බේරිලා ඇවිත්’
මේ කියන්නේ අංගියා ගැන මොකක් හෝ දෙයක් බව ගැට්ටාටත් මටත් පසක් විය
පියසිරිගේත් කරුණාවති නැන්දාගේත් එකම දුව මාලි ය. මාලි දන්නා දා ඉදන් හැඩ කාරියකි. ඒකි ගේ මේ හැඩ කාර කම හන්දාම ගැටව් මෙකි වටේ ඇදෙන එක අරුමයක් නොවීය. මාලි යන යන තැන කොල්ලෝ ගැවසෙන බැවින් ආං ගියා නම මේකිට පටබැඳිච්චි. ආං ගියා කටවහර අනුව ‘අංගියා’ වූයේ පසු කලෙකය.
වැඩි දුර ඉගන නොගත් අංගියා දහවැනි කැලෑසියේදී ඉස්කෝල ගමන නතර කළේ ය. ඒකිගේ නෑඳෑ කෙල්ලකගේ උදව්වෙන් අලුත්ගම මරික්කාර් නානගේ ගාමන්ට් එකේ රස්සාවක් හොයා ගත්තු අංගියා ඉන්පසු ගමේ දකින්නට නැති විය. මාසයකට දෙකකට වරක් ගමට ඇවිත් ගියත් ගමේ රැදුණු කාලේ බොහොම කෙටි විය. හැබැයි ඒ එනකොට ගමට ආවේ වෙනද හිටිය ගමේ අංගියා නොවේ. කොණ්ඩේ ඉත්තෑකූරුවගේ කරලා පාට කරලා හරියට සරුව පිත්තල මාලිගාවක් වගේ එකියක්. මේ වෙනසත් එක්ක ගමේ කොල්ලො උනත් මේකිත් එක්ක තිබ්බ ඇයි හොඳයිය අඩු කරලයි තිබුණේ. ඔන්න ඔහොමයි අංගියගෙයි ගැට්ටගෙයි තිබ්බ පයුරු පාසානෙත් අඩු වෙලා ගියේ.
කරලැයින් උන්දැගෙයි අම්මගෙයි මේ ඕපෙත් එක්ක මට දැනෙනවා දැන් ගැට්ටා රතුවේගන එන විත්තිය.
‘ගැට්ටෝ මේ කොයිල් එක හෙට ඔතමු. යං බං කඩේ පැත්තට රවුමක්’
කතාව වෙනතක හරවමින් ගැට්ටාත් එක්ක එතැනින් පැනගත්තේ ගැට්ටාට මල පැන්නොත් වෙන විලිලැජ්ජාව ගැන සිතමිනි.
‘සෙංකා උඹ දන්නවද අර ගෑනි උඹලගේ අම්මත් එක්ක කිව්වේ මොකක්ද කියලා’
‘නෑ මොකද්ද බං. අංගියා ගැන කියන්න ආ දේද’?
‘ඔව්’
‘මොකද අංගියා කොහේ හරි නාඩගමක් නටලා මාට්ටු වෙලාද’
‘උඹත් හිතන්නේ එහෙම ද’
‘හිතන්න තියා මොන මලදානයක්වත් මං දන්නෙ නෑ බං. කියහං මොකද කේස් එක’
ඔය අංගියා ගාමන්ට් ගියාට පස්සේ සෑහෙන්න වෙනස් වෙලා කියල උඹ දන්නවනේ සෙංකා. ඒකියි මායි අතරේ පොඩි ලව් එකකුත් තිබ්බ කියලත් උඹ දන්නවනේ. මේකි ගාමන්ට් ගිහින් කොණ්ඩ පාට කොරන්නයි ඇහි බැමි ගාන්නයි ගත්තට පස්සේ ඒකි ව මට එපා වුණා බං. මේකිව ඔය වැඩවලට එක්ක යන්නේ ගාමන්ට් එකේම ලංසි කෙල්ලක්. මේ වැඩවලට මුන් දෙන්නා යන්නේ කළුතර පැත්තේ සැලෝන් එකකට.
‘ඉතිං බං කොණ්ඩ හදන්න සැලෝන් නොගිහිං අපි වගේ බාබර් සාප්පු ගානේ යන්න යෑ’
‘කවුද ගොනෝ බාබර් සාප්පු යන්න කිව්වේ. කියනකං අහගන හිටහං’
ඔය සැලෝන් එක කරන කෙල්ල එක විදියක එකක් ලු. එතැන මේ ලෙස්බො කේස් එකක්ලු බං. එතෙන්ට යන ගංවල කෙල්ලෝ උන්ටත් නොදැනෙන්න වැඩේට අල්ලගන්නවලු ඒකි. අංගියත් අහුවෙන්න ගිහින්. මේකි ඒ කෙල්ලටත් ගහල තමා ඔය ඇවිදිං ඉන්නේ. කොහොම හරි වැඩේ ගමට ලීක් වෙලා වගේ.
‘යකෝ කරලිනාටත් වැඩිය හොදට උඹ දන්නේ කොහොමද බං සීන් එක’
සෙංකා සීන් එක මං දන්නේ අංගියා මට මේ හැම දෙයක්ම කිව්ව හින්දා. ඒකි අසරණ වෙලා බං. පිටිං විසේ කාර පෙනුමයි සංකරවෙලයි වගේ පෙනුනට ඒකි තාමත් මේ අපි වගේම ගමේ කෙල්ලක් බං. අපි හිතනවට වඩා ඒකි වෙනස්.
අප්පට සිරි එහෙනං දැන් කෙල්ලො පරිස්සං කරගන්න ඕන කොල්ලන්ගෙන් විතරක් නෙමේ කෙල්ලන්ගෙනුත්.
ප.ලි
සියලු දෙනාගෙන් සමාව ඉල්ලමි. තාමත් කාර්මික ආයතනයක පුහුණුව ලබන මට ජාල ගතවන්නට අවස්ථාව ඇත්තේ සෙනසුරාදා ඉරිදා පමණකි. ඒද සිම්පතට මුදල් තිබුණොත් පමණි. කමෙන්ට්වලට උත්තර පමා වන්නේ එහෙයිනි.
ඇත්තට දැන් කෙල්ලොත් පරිස්සම් කොරන්න ඕන නේන්නං .. ඔය හොස්ටල් දැමිල්ල නං කරන්නම හොඳ නෑ .අනික මේ ඉස්කෝල ඔක්කොම මිශ්‍ර පාසල් උනානං ඕවට ඇති ඉඩ අඩුයි ...හ්ම් ,,.....මේ ගැන නං ඉතිං කියන්න දේවල් බොභෝමයි පොස්ටුව හොඳයි ! අර කැලෑසිය කියන වචනේ හැදෙන්න ඇත්තේ "ක්ලාස් "class කියන ඉංග්‍රීසි වචනෙන් වෙන්න ඇති මයේ හිතේ
ReplyDeleteපිරිමී හොස්ටල් වලට හපංලු අනේ ගෑණු හොස්ටල්
Deleteමිශ්‍ර පාසල්! අන්න එකනම් හොඳ යෝජනාවක්,...
Deleteමේ කතාවෙන් මං කියන්න උත්සාහ කළේ අද ගම්බද කෙල්ල් හමුවේ ඇති දැවැන්ත ගැටලුවක්. කෙල්ලන් බිලිබා ගන්න අද ඉන්නේ කෙල්ලන්ම ඉත්තන්ට දාලා.
Deleteගෑනු පිරිමි සේරම පාසල් වල ශිෂ්ය්ය නේවාසිකාගාර සමලිංගික ගුහා. එක දැන් හොඳටම දුරදිග ගිහිල්ලයි තියෙන්නේ. සමහර දෙමවුපියෝ හිතන්නේ ළමයො මොන නපුංසක වැඩේ කරල හරි ඉගෙනගන්නවනම් ඇති කියලා. ඒ තරමට ගොන් අම්මලා තාත්තලත් ඉන්න එක පුදුමයක්. නමුත් ලිංගිකත්වය විකාරයක් උනාට පස්සේ ඉතින් එතනින් එහාට ඉගෙනගත්තා කියලා වැඩකුත් නෑ. දෙමවුපියෝ කවුරු කවුරුත් ළමයි හදනකොට ප්‍රමුඛත්වය දියයුත්තේ මොන මොන ගුණාංග වලටද කියන එකට අතීත සමාජයෙන් උනත් ආදර්ෂයක් ගන්න පුලුවන්.
Deleteමුලදීම මේ බ්ලොග් එක ගැන මට සැකයක් ඇති විය.දැන් එය ස්ථිර වී ඇත.මෙය කරන ස්ත්රීවාදිනියගේ හෙළුව ඇයට නොදැනීම මෑත් වී ඇත.පිරිමියෙක් ලෙස භාශාව හසුරවමින් සූක්ෂ්මව ස්ත්‍රීවාදය සමාජගත කිරීම මෙහි අරමුණයි
ReplyDeleteපුරුෂවාදයන් අරටුගතවී ඇති බිමක ස්ත්‍රීවාදය සමාජගත වීම වරදක්ද?
Deleteවැරදි කොනකින් බැලුවාම වැරදි විදියට පේනවා. මෙතන මං කියන්න වෙර දරන්නේ ගම්බද කෙල්ලන් හමුවේ ඇති අභියෝගයක් විතරයි. කැමැත්තෙං යන එවුන් ගැන කතාවක් නෙමේ මේ.
Deleteඉතින් එහෙම උනයි කියලා අප්ෂට්ද... මට නම් ඒකේ අවුලක් පේන්නේ නෑ..
ReplyDeleteබලහත්කාරයෙන් පොළඹවා ගැන්ම ටිකක් විතර අප්සෙට් මටනං.
Deleteමාතලන් පොන්නයෝ තොට සමලිංගිකත්වයයි කාන්තා විමුක්තියයි රටේ ඔඩුයනවනං හරි සතුටු ඇති නේද? සමලිංගිකත්වයට මේ රටේ පිළිගැනීමක් දෙන්න තොපි වගේ එවුන් හිතන තරම් ලේසි නෑ. තොපේ ඔය ගයිනොෆෝබියා වගේ වචන සෙට් එක දාගෙන බොරු පණ්ඩිතකම් පෙන්නුවට තොපි කවුද කියලා අපි දන්නවා. බොරු වට සම්ප්රදාය වෙනස් කරල අලුත් වෙන එක ගැන බ්‍රහ්ම ටෝක් දෙන්නේ තොපි සමලිංගික පොන්න කම් වැඩි දියුණු කරන්න කියලා තොපි වගේ එවුන් හැරෙනකොටම අපට කියන්න පුලුවන්. තොපේ සමලිංගික පොන්න සම්ප්‍රදායට මෙහෙ තැනක් නෑ. පුලුවන්නම් තොපි හිත යට තියෙන මේ වගේ කුණු අදහස් ප්‍රසිද්ධියේ කියපල්ලා. බොරුවට සිල් රෙදි පෙරවගෙන සම්ප්රදාය වෙනස් කරන හැටි ගැන පිටට එකක් කියනගමන් කොලේ වහලා වෙන ඒවා යටින් ගෙනියන්නේ නැතුව.
Deleteමාතලන් පොන්නයට අවුලක් නැත්තේ ඌත් කොලුකාරයෙක් හින්දද දන්නේ නෑ? මොකද එහෙම එවුන්ටත් සෑහෙන තදියමක් තියෙනවා බොරු කාන්තා විමුක්තිය දෙන්නයි සම්ප්රදාය වෙනස් කරලා කොලුකාරයො ආප්ප හුත්තියො හදන්නයි.ඒ උනත් මුන් පිටට පෙන්නන්නේ සිල් ගත්තු චරිතයක්.
Deleteසෙංකෝලය....පසුතැවිලි නොවන්න.හැකිවිටක ලියන්න.තහංචි තුලින් පන්නරය ලබන්න.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteඇත්තටම මේක අද හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ..මගේ යෙහෙලියන් දෙදෙනෙක්ම මට කිව්වා දෙයක් තමයි..ඔවුන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පින්තුරේට මේ වර්ගයේ අය මැසේජ් එවනවා..කියන එල්ක..ඇත්තටම ඒ පින්තුර එහෙම හැගීම් උලුප්පන ඒවා නෙවෙයි..සාමාන්‍ය ලෙස ඉන්න ඒවා..නමුත්..මේවා මෙහෙමයි...
ReplyDeleteමෙය කවුරුත් නොහිතන කේදවාචකයක්
Deleteෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි වලින් සමලිංගිකයන්ට කල්ලි ගැහෙන්න ඉඩක් අනියම් ආකාරයට ලැබෙනවා. මේ වැඩේ ගෑනු පිරිමි දෙගොල්ලොම කරනවා. මම දන්න කෙනෙකුට ඔයවගේ ගෑනු වෙස් ගත්ත කොල්ලෙක් කතාකරල තිබුනා.
Deleteමලේ මේ කතාවෙන් උඹ කියන්න යන්නේ මොකක්ද? හැම පැත්තටම වැනෙනවනේ කතාව.ඒ කොහොම වුණත් උඹේ ඉස්ටැයිල් එක නං මරු. වෙලා තියන හැටියට ලියපං. මුල් කාලේ දුක තමා රංජනි. කොරන දේ හරියට කොරහං.
ReplyDeleteමට කියන්න ඕන වුණේ ගම්බද කෙල්ලන්ට වෙන්න පුලුවන් කිසිවකු නොදකින අතවරයක් ගැනයි
Deleteමේ දෑන් හොස්ටල් වල අම්බානකට තියෙනව.මෙ උබ ලියන එක ගෑන විතරක් හිතපන් අනිත් මගුල් ගෑන ඔච්චර අඩන්න එපා බන්.
ReplyDeleteමට එක එල්ලේම දෙයක් කියන්න ඕනෙ. ඒතමයි මම මීට කාලෙකට ඉස්සර වෙලා අනුමාන කරපු දෙයක් තමයි ඔබේ ඔය සැලෝන් කතාවෙන් ඔප්පු වෙන්නේ. මම මේක අනුමාන කළේ බටහිර කුනුහරප වෙබ් අඩවි වගේ දේවල් ආශ්‍රිතව හොයාගත්ත දේවල් වලින් . මම අනුමාන කරපු කාරනේ ඔබ සාක්ෂි ඇතිව පෙන්වූවා. ඒ ගැන ස්තුතියි.මේ විෂබීජේ වවන්න හදපු සැලෝන් විතරක් නෙවෙයි සමලිංගික බෝඩින් කාමර පවා දැන ගොඩක් දුරට හදන්න ඉඩ තියෙනවා. ඒකත් මම අනුමාන කරන දෙයක්.
ReplyDeleteDigatama anumana karapan
Deleteපුළුවන් හැම වෙලාවකම ලියපන් අපි එනවා
ReplyDelete